මීගමුව නාගරික කොමසාරිස්තුමාගේ දරුවාව කොළඹ පාසැලට ගෙනියන්න රියදුරෙකුට අළුත් පත්විමක් ?

0
38

MC-NGBමීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ පුතෙකුව කොළඹ ආනන්ද විදුහලට පෙ.ව 6 ට ගෙන යාම සදහා නගර සභා සේවකයෙකු හට නව රියදුරු පත්විමක් ලබාදි සේවයෙහි යොදවා ඇතැයි වාර්ථා වේ.
නාගරික කොමසාරිස්වරයාගේ රියදුරුවරයා ඒ තරම් පාන්දරින්  පැමිණිමට ඇති අකැමැත්ත නිසා මෙසේ අළුත් රියදුරෙකු පත්කොට ඇතැයි යන්න සැලය.
ඒ අනුව නගර සභා වාහනයන් යොදවාගෙන
මීට පෙර අප විසින් හෙළිදරව් කළ පරිදි මීගමුව මහනගර සභාවට අයත් ගිනි නිවන අංශයේ කැබ් රථයද නාගරික කොමසාරිස්වරයාගේ පුතුට ප්‍රවාහන පහසුකම් සැලසිමට යොදාගෙන තිබුණ බව වාහන ලොග් සටහන් වලින්ම ඔප්පු වි තිබුන අයුරු දක්වා සිටියෙමු.
මේ පිළිබදව විමසිම සදහා මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස්තුමියව දුරකථනයෙන් සම්බන්ධ කරගැනිමට උත්සාහ කළද එය අසාර්ථක විය .