මීගමුව නාගරික කොමසාරිස්වරියට කටඋත්තර නැති වුණ ප්‍රශ්ණයක් ?

0
97

NGB commisionarකොච්චිකඩේ කුණු අදින වැඩේ නගර සභාවෙන්ම කරන එක ලාභයි කියා දැන්වු පසු  කියල පළාත් පාලන කොමසාරිස්තුමා කියා තිබුනේ ඒ සදහා 60 දෙනෙකු බදවාගැනිමට අවසර දෙන බවය.
එහෙත් ඒ සදහා යොදවන්නට කටයුතු කර තිබුනේ 42 කි.
අනික් 18 දෙනාව වෙන වෙන වැඩවල නිරත කරන්නට යොදවා තිබුණි.
කෙසේ වෙතත් මේසේ බදවා ගත් කම්කරුවන් 42 කකට පඩි ගෙවමින් සිටියද කොච්චිකඩේ කුණු ඇදිම දිගටම කරගෙන යන්නේ සෙවන්හිල්ස් සමාගම විසිනි. ඒ අය සදහා මහජන බදුමුදල් ලක්ෂ 19  මාසික වැයකරමින් තිබේ.
මේ ගැන පසුගියදා පැවැති මුල්‍ය කමිටු රැස්විමේදි මතුකර තිබුණ අවස්ථාවේ නාගරික කොමසාරිස්වරිය කටඋත්තර නැති වු බව වාර්ථාවේ.
නම සදහන් කළ නාගරික මන්ත්‍රිවරයෙකු මිපුරට කියා සිටියේ බල්ලොත් එක්ක ලැග්ගාම නැගිටින්නට වෙන්නේ මැක්කෝ පිහදදා බව කොමසාරිස්වරිය දැන්වත් තේරුම්ගත යුතු බවය.
කෙසේ වෙතත් එදා රැස්විමේදි ඇයට සිදුව තිබුණ අර ගල උඩ කැත බළලාට සිදුවු දේමය.