මීගමුව නාගරික කොමසාරිස්වරියගේ අනිසි ක්‍රියාකලාපය ගැන පරිපාලන නිළධාරින්ගේ විරෝධය !

0
123

NGB-commisionar-1(7.25 am ) මීගමුව නාගරික කොමසාරිස්වරිය සිය ධුරයටද නොගැලපෙන ආකාරයෙන් මිගමුව මහනගර සභාව තුල සිදුකරමින් ඇති ක්‍රියාවන් නිසා ඉහල පරිපාලන නිලධාරින්ගේ විරෝධය දැනටමත් ඇයට එරෙහිව එල්ලවෙමින් ඇතැයි වාර්ථාවේ.
විශේෂයෙන්ම නගරාධිපතිවරයාගේ පලාත් පාලන නිතියටද පටහැනිව සිදුකරමින් ඇති ඇතැම් ක්‍රියාවලට නාගරික කොමසාරිස්වරිය පරිපාලන සේවයටද නිගා දෙමින් දක්වන සහය පිළිබදව මෙසේ විරෝධය එල්ල වන්නට පටන් ගෙන තිබේ.
වාර්ෂිකව ටෙන්ඩර් 29 ක් ටෙන්ඩර් කිරිම සදහා තවත් මාස 4 ක් පවතිද්දි තනිකරම පුද්ගලික අවශ්‍යතාවය මත නගරාධිපති පියාට බිච් පාක් එක ලබාදිමට මහනගර සභාව තුල කටයුතු සංවිධානය කිරිමේදි නාගරික කොමසාරිස්වරිය සිය ධුරයේ වගකිමට තවදුරටත් හෑල්ලුකර අතැයි පරිපාලන ක්ෂේත්‍රයේ ඇතැම් උසස් නිළධාරින්ගේ මතයයි.
ඕනෑම ටෙන්ඩරයක් නිසි කල් පිරුණු පසු ටෙන්ඩර් පදනම යටතේ ටෙන්ඩර් කොට වැඩිම ලංසු මත ලබාදිය යුතුව තිබියදි එයට හාත්පසින්ම වෙනස්ම පාක්ෂික ආකාරයකට මේ ටෙන්ඩරය යළිත් වසරත් සදහා නගාරාධිපතිගේ පියාවෙනුවෙන් සැමදා ඉල්ලුම් පත් සපයන ධර්මේන්ද්‍ර නැමැත්තා හට ලබාදි තිබේ.