මීගමුව නාගරික කොමසාරිස්ට එරෙහිව ව්‍යාපෘති කම්කරුවෝ පාගමනින් කොළඹට ???

0
101

NGB-commisionar-1

මීගමුව නගරාධිපති දයාන් ලංසා විසින් සිය සහෝදරයාගේ මැතිවරණයද ඉලක්ක කරගනිමින් මහජන බදු මුදලින් නඩත්තු කිරිමට බදවා ගත් ව්‍යපෘති කම්කරුවන් දැන් කොටස් වශයෙන් ඉවත් කිරිමට පියවර ගෙන තිබෙන බැව් වාර්ථාවේ.
මීගමුව මහනගර සභාව දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දි තිබියදි පවා නගරාධිපතිවරයා විසින් කම්කරුවන් දේශපාලන උවමනාවන් මත බදවාගෙන තිබුණි.
මෙසේ ව්‍යාපෘති කම්කරුවන් ලෙසින් තරුණියන් පවා බදවාගෙන තිබුනේ ඇයිද යන්න සැබැවින්ම හෙළිව තිබුනේ මැතිවරණ සමය තුලදිය.,
මිගමුව මහනගර සභාවට පැමිණෙන මේ තරුණියන් සිය පැමිණිමේ ලේඛනය සටහන් කිරිමෙන් පසු වෑන් රියකින් රැගෙන ගොස් තිබුනේ වැල්ලවිදියේ පිහිටි නිමල් ලංසාගෙ මැතිවරණ කාර්යාලය වෙතය.
සැබැවින්ම ව්‍යපෘති කටයුතු ලෙසින් පාරවල් සුද්ද කිරිම කානු සුද්ද කිරිම වැනි කටයුතු සදහා තරුණියන් බදවා ගන්නේ ඇයිදැයි කිසි දිනක විපක්ෂය හෝ නාගරික කොමසාරිස්වරිය අසා තිබුනේ නැත.
කෙසේ වෙතත් මැතිවරණය ජයගැනිමෙන් පසු කම්කරුවන් සේවයෙන් පහ කිරිම  නාගරික කොමසාරිස්වරියගේ අනුග්‍රහයනේ සිදුකරගෙන යමින් තිබේ.
දේශපාලන අධිකාරිය විසින් නාගරික කොමසාරිස්වරියට මාස් පතා ලබාදෙමින් තිබෙන වරදානයක්  නිසා ඇය නගරාධිපතිවරයා කියන ඕනැම දෙයක් ඉටුකිරිමට දැන් පෙළඹි සිටි.
මේසේ ඉවත් කරමින් ඇති ව්‍යාපෘති කම්කරුවන් නාගරික කොමසාරිස්ට එරෙහිව ඉහල බලධාරින් හමුවිම සදහා කොළඹට පාගමනින් යෑමට සුදානමින් සිටින බවද වාර්ථා වේ.
නාගරික කොමසාරිස්වරියගේ පක්ෂග්‍රාහි වැඩවලට එරෙහිව ඇතැම් දේශපාලකයන්ගේ සහයද මේ කම්කරු විරෝධතාවයට එකතුවිමටද ඉඩක් ඇතැයිද වඩාත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට තිබේ