මීගමුව නාගරික කොමසාරිස්ගේ ”රථගාය” උත්සන්න වෙයි ? බදුගෙවන ජනයාගේ මුදලින් පවුලටම ප්‍රවාහන පහසුකම් ?

0
52

briberyමීගමුව නාගරික කොමසාරිස්වරයා පළාත් පාලන නීතියටත් පිටින් යමින් මීගමුවේ බදු ගෙවන ජනයාගේ මුදල් වලින් සිය පවුලේ දරුවන්ට සහ බිරි ඳට ප්‍රවාහන පහසුකම් සැලසිම සදහා කටයුුතු කරමින් සිටින බවට මේ වන විටත් තොරතුරු රැසක් අප වෙත ලැබෙමින් තිබේ,
මෙහිදි පැහැදිලිව ඇති ප්‍රධාන කරුණක් වන්නේ  නාගාරික කොමසාරිස්වරයා විසින් සිය පවුලේ අවශ්‍යතාවන් සපුරාලිම සදහා මීගමුව බදුගෙවන ජනයාගේ මුදල් අවභාවිතයේ යොදමින් සිටින බවය.
රියදුරන් අතිරික්තයක් පවා තිබියදි සිය දරුවා අලුයම කොළඹ පාසැලට ගෙනයාම සදහා පෙ.ව 5 සේවයට වාර්ථා කළ යුතු පදනමින් දැන් අලුත් රියදුරෙකු බදවාගෙන ඇති බවට තොරතුරු අප දැනටමත් වාර්ථා කර ඇත්තෙමු.
මේ රියදුරා රථවාහන පෙරහුරු විභාගයෙන් දෙවරක්ම අසමත්වුවෙකු බවද කියැවේ .හිටපු නගරාධිපතිවරයා විසින් භාවිතා කරන්නට යෙදුන කැබ් රථයේ සේවය කල රියදුරුද එසේම සිටියදි මෙම අළුත් බදවා ගැනිම කර ඇතැයි වාර්ථා වේ.
මේ නිසා දැන් ඇත්තේ රියදුරු අතිරික්තයකි.
නාගාරික කොමසාරිස්වරයාගේ නිළ රියදුරු වේයන්ගොඩ සිට පැමිණෙන අයෙකු බැවින් සහ ඔහු නගර සභා නිති ප්‍රකාර සේවකට වාර්ථා කළ යුතු වන්නේ පෙ.ව 8 ට බැවින් ඔහු ලවා සිය දරුවාව කොළඹ ආනන්ද විද්‍යාලයට පෙ.ව 6 ට ගෙනයාම කළ නොහැකි තත්වයක් තුලදි මේ නිතියට පිටින් දේශපාලන හිතුවන්ගේ ද සහයෙන් මේ නව රියදුරු පත්විම සපුරාගෙන තිබේ.
එමෙන්ම මෙසේ බදවාගෙන ඇතැයි කියැවෙන්නේ මහනගර සභාවේ කම්කරුවෙකු ලෙසින් සේවය කරමින් සිටි අයෙකු වන අතර මෙසේ බදවාගැනිම සදහා පැවැති රියදුරු පෙරහුරු පරික්ෂණයද අසමත්ව ඇති බව කියැවේ .
සුගත් කුමාර නම් වු මෙම කම්කරුවා හිටපු නගරාධිපති දයාන් ලංසාගේ සමිපතම ආධාරකරුවෙකි.
එමෙන්ම නාගරික කොමසාරිස්වරයාගේ පුතා සැම සතියකටම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා සවසවරුව බොරැල්ලේ පැවැත්වෙන උපකාර පංතිකයට සහභාගි වන අතර එය නමා වන්නේ රාත්‍රි 8 ය.
ඒ අනුව මෙසේ අලුතින් බදවාගත් රියදුරා විසින් මේ දරුවාව යළිත් ගෙදර ගෙනවිත් ඇරලවද්දි ඔහු සදහා වන අතිකාල දිමනා ගෙවනු ලබන්නේද මීගමුවේ බදු ගෙවන ජනයාම විසිනි.
යහපාලන රජයක් යටතේ මෙවන් දේවල් සිදුවිමට ඉඩහැරිම තුලින් කියැවෙන්නේ කුමක්ද ?
මීගමුවේ යහපාලන බලධාරින් මේ ගැන දැනුවත් නැති බවද ?