මීගමුව නාගරික කොමසාරිස් දැන් නගරාධිපතිගේ වාහනයත් පාවිචි කරනවලු ?

0
80

cabමීගමුව නගාරික කොමසාරිස් වරයා විසින් සිය නිළ රථය මෙන්ම නගරාධිපතිවරයා විසින් භාවිතා කරන ලද කැබ් රථයද භාවිතා කරන බව වාර්ථා වේ.
හිටපු නගරාධිපතිගේ නිළ කැබ් රථය  කොමසාරිස්වරයා විසින් හිටපු නගරාධිපති රියදුරු සරත් ද සමගින් ඊයේ (ජුලි 13 )කොළඹ ගොස් ඇතැයි වාර්ථා වේ.
නගර සභා පාලනය තුල සාමාන්‍ය සම්ප්‍රදාය ලෙස සැලකෙන්නේ නගරාධිපතිවරයා විසින් භාවිතා කරන ලද නිල රථය ඊළගට පැමිණෙන නගරාධිපතිවරයා විසින් භාවිතා කරන තෙක් එය එලියට ගනු ලබන්නේ එහි කිසියම් නඩතත්තු කටයුත්තක් වෙනුවෙන් පමණක් බවය
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිලිතුරු දුන් කොමසාරිස්වරයා කියා සිටියේ නගරාධිපතිගේ වාහනය භාවිතා කළ නොහැකි යැයි නිතියේ සදහන් නැති බවත් නගර සභාවේ සියලු සම්පත්වල පාලනය දැන් කොමසාරිස්වරයා යටතේ ඇති බවත්ය.