මීගමුව නාගරික මන්ත්‍රිගේ රු 25000 මාසික කොමිස් මුදලක් නවතින ලකුණු ?

0
132

securityමීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකුට මාසිකව රු 25000 බැගින් ලැබෙන කොමිස් වැඩසටහනක් සකස්ව තිබුණි.
ඒ නගර සභාවේ ආරක්ෂක අංශයේ ටෙන්ඩර්කරු විසිනි.
සෑම මාසයකම අදාල දිනයේදි ඒ මුදල ලබාගැනිම සදහා අප කියන මේ ජේෂ්ඨ මන්ත්‍රිවරයා නගර සභාවට පැමිණේ.
කෙසේ වෙතත් මේ මුදල ඉදිරියේදි නොලැබෙන තත්වයක් උද්ගතව ඇතැයි වාර්ථා වේ .
පොළ ටෙන්ඩර්කරුවන්ගෙන්ම මෙන්ම තවත් බොහෝ අයගෙන් මුදල් සහ තවත් දෑ ගැනිම
”සිම්පල් කේස්” එකක් යැයි ඔහු සැමවිටම සිතයි.
මෑතකදි ඔහු එක්තරා සල්ලිකාර මන්ත්‍රිවරයෙකුගෙන් මුදලක් ඉල්ලා සිටියේ බැංකොක් යන තමන්ගේ සහෝදර මන්ත්‍රින් ලවා ජංගමදුරකථනයක් ගෙන්වා ගැනිමට බව අපගේ ආරංචි මාර්ග සදහන් කර සිටි.