මීගමුව ප්‍රාදේශිය ලේකම්ගේ ප්‍රකාශය බොරු කරමින් රොයිස් විජිතට ජනපතිගෙන් පත්විම් ලිපියක් !

0
518

Roies letterමීගමුවේ ප්‍රාදේශිය සංවර්ධන කමිටුවට සම සභාපතිවරයෙකු ලෙසින් මීගමුව එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා පත්විමට ලැබිමට නියමිත බව මීපුර වෙබ් අඩවිය මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු  ප්‍රකාශ කර සිටියේ එය කිසිදාක සිදුනොවන්නක් බවය.
එහෙත් අප කියා සිටියේ අපගේ තොරතුරු මුලාශ්‍රවලට අනුව එය එසේ විමට නියමිත බව ඔහුට අවධාරණය කර සිටියද ඒ ගැන වගක් නොගත් ප්‍රාදේශිය ලේකම් වරයා දුරකථනයද විසන්ධි කලේය.
අප විසින් මීට මාසයකට ඉහත කරන්නට යෙදුන ප්‍රකාශය දැන් ඇත්තක් වි තිබේ.
දැන් මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයාට සිදුව ඇත්තේ එය ඇත්තක් ලෙසින් පිළිගෙන කටයුතු කිරිමටය.
එනම් මීගමුව නගරයේ සංවර්ධනය කටයුතු මෙහෙයවිම සදහා  මීගමුව ජනතාවගේ වැඩිම මනාප අවස්ථා කිපයකදිම ලබාගත් මහජන නියෝජතයාගේ ද දායකත්වය ලබාගනිමින් එය සැලසුම් කිරිමය.