මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය අපක්ෂපාතිව පත්වන ලෙස ක්‍රිඩා සමාජ ඉල්ලා සිටිති.

0
225

ranjith r 2මීගමුව යනු පාපන්දු ක්‍රිඩාව උපන් හපනුන් රැසක් බිහිකළ නගරයකි.එහෙත් තමන්ගේ පුද්ගලික අරමුණු පමණක් ජයගැනිමට සිතා කටයුතු කළ පාපන්දු වෙළෙන්දෙක් නිසා මීගමුවේ පාපන්දු ක්‍රිඩාව දැන් වලපල්ලට යමින් තිබේ.
අප දන්නා ඉතිහාසය තුල ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිඩකයන් රැසක් මීගමුවේ සිටියේය.
එහෙත් පාපන්දු ලොක්කෙකු යැයි නම් ලබා ඇති රංජිත් රුද්‍රිගු නැමැත්තා විසින් මීගමුවේ පාපන්දු ක්‍රිඩාව විනාශ කොට තමන්ගේ තතතුරු රැකගැනිමට පමණක් ඒ ක්‍රිඩාව ඉත්තෙකු කරගෙන  තිබේ.
මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය පැවැත්විමට දැන් නියමිතය.
එහි සභාපතිත්වය වසර 14 ක් තිස්සේ දරන රංජිත් රැද්‍රිගු මහතා වෙත මීගමුවේ පාපන්දු ක්‍රිඩා සමාජ රැසක් විසින් අත්සන් කරමින් යවා ඇතැයි කියන ලිපියක සදහන් වන්නේ නිළවරණය නිත්‍යාණුකුලව සහ ස්වාධින ස්ථානයක පවත්වන ලෙසය.
මෙසේ කියන්නට මේ ක්‍රිඩා සමාජ වලට සිදුව ඇත්තේ රංජිත් රුද්‍රිගු මහතා විසින් ව්‍යවස්ථාවේ දැක්වෙන පරිද්දෙන් නිළවරණය නොපවත්වනවා පමණක් නොව එය ඔහුගේ නිවසේ දි පැවැත්විමට කටයුතු කරන තත්වයක් ඉතිහාසය පුරාවට ඇතිව තිබෙන හෙයිනි.