මීගමුව පාලනය කිරිමේ අයිතිය ගම්පහට භාරදෙමුද ?

1
61

මෙම ලිපිය අපගේ වෙබ් අඩවියේ විද්‍යුත් තෑපෑලට ඊයේ රාත්‍රියේ ලැබුනකි.මෙහි දක්වා ඇති අදහස සංවදායකට ලක්කල යුතුයැයි සිතු බැවින් අප එය මෙහි පළ කරන්නට තිරණය කළෙමු.මෙම සංවාදයට හවුල් වන්න.P1050023 new

1 අතීතයේ සිටම කොළඹ මෙන්ම මීගමුව එජාප බලකොටුවක් වීම

එය බිද දැමිය නොහැක. මීගමුවේ බලය බිදිමට අභියෝග බාරගත් අයනම් මීගමුවේ තරුණයින්ය. මෙම තරුණයින්ව මෙහෙයවා බලය ගැනීමට අවශ්‍යව ඇත්තේ කාටද ?
ගම්පහ දිස්ත‍්‍රික්කයට පැන්න පැරිෂුට් කාරයන්ටය.
ගම්පහ ප‍්‍රදේශයේ සිටින පොදු පෙරමුණු නායකයින්ටද දැන් බලයක් නැත. තරුණයිනි ,ඔබ මේ දිනවන්න වලිකන්නේ මීගමුවේ පොදු   පෙරමුණ නොවේ ගම්පහ පෙරමුණු බලඇණියයි.
එයින් මීගමු ඔබට වන සෙතක් නැතිබව පෙන්වා දීම මේ ලිපියේ අරමුණයි.

2 පසුගිය ජනාධිපතිවරණයේදී පොදු පෙරමුණ එජාපයට  පරාජය වීම

ජනාධීපතිවරණයේදී බොහෝ ප‍්‍රදේශ නව පොදුපෙරමුණ දිනාගත්තද  වැඩි ඡුන්ද 3000 කට ආසන්න ප‍්‍රමාණයකින් මීගමුව ජය ගැනීමට එජාපයට  හැකිවීය.
ඒ නිසා අද ගම්පහ පෙරමුණු බලඇණිය ජනතාවට පිදේනි දෙමින් ලස්සන මාවත් පෙන්නමින්
මේ කරමින් සිටින්නේ කෙසේ හෝ ඡුන්දය ගසා කෑමේ උපක‍්‍රමයයි.
එ ජා ප මන්ත‍්‍රීවරුන්ව සල්ලිවලට ගත්තද පොදු පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ව නිහඩ කෙරුවද ඡුන්දදායකයින්ට එසේ කළ නොහැකි තැන මේ යොදන්නේ ඔවුන්ගේ අවසාන තුරුම්පුවයි. එනම්
තමන් ගසාකෑ කොමිස් මුදල්වලින් සොච්චමක් විසිකරමින් ඡුන්දදායකියින් වැඩිපිරිසක් රැවටීමේ උක‍්‍රමයයි.
එනම් මාවත් සෑදීමේ තරගයයි.  මේ සියල්ල කරන්නේ ඔබේම වරිපනම් මුදලින් හෝ රටේ ධනය යොදා ගනිමින් වුවද රටට පෙන්නා සිටින්නේ ඒ සියල්ල ඔවුන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකරන බවය.
වසර 5 ක් තිස්සේ නගර සභාවේ නිහඩව සිටි මේ හිටපු මන්ත‍්‍රීවරුන්ට හදිසියේ මේ හැදුන සංවර්ධන කුලප්පුව මොකද්ද .
කුකුල් පැටව් තාරපැටව් මෙන්ම  කාපට් සහ කොන්කි‍්‍ර‍්‍රට්කරණය පසුගිය දිනවල සිදුවුයේ තරගයක් ලෙසය.මේ සියල්ල ඔස්සේ සිදුවුයේ අර ගම්පහ පෙරමුණු බලඇණියේ අවශ්‍යනාවයි.
මොකක්ද ඒ අවශ්‍යතාවය. මීගමුව ගැන ගම්පහ පෙරමුණු බලඇණියට ඇති රුදාව කුමක්ද? මාවත් සෑදීම දැන් අවසන්ය. ඔබට දැන් සිතන්න අවස්ථාක් ඇත. මීගමුව පමණයි රටටම පාඩමක් දෙන්න තියෙන තැන. මේ ජන්දය පමණයි එයට හොදම අවස්ථාව.

3 මීගමුව වෙළඳ ධීවර සංචාරක යන කර්මාන්වලින් වැදගත් වීම

මීගමුව ඈත අතිතයේ සිටම ආර්ථික වශයෙන් වැදගත් නගරයකි. මීගමුවට හිමිවීමට තිබූ පරිපාලන දිස්ත‍්‍රික්කය ගම්පහට ගෙන ගියත් ආරම්භයේදී දිස්ත‍්‍රික්කය ලෙස හැදින්වූයේ මීගමුවයි. නමුත් ආර්ථීක වශයෙන් හා පරිපාලන වශයෙන් මුලතැනගත් මීගොමුව කතෝලික බහුතරය පවතින බැවින් මීගමුවට එම අරියාදුව කරමින් ගම්පහට   ලබා  දුන්නේය.
අද ඉතිරිව තිබෙන්නේ ආර්ථික ශක්තිය පමණි. දැන් එයද ගම්පහ පෙරමුණු බලඇණිය තම පවුල් බලයට ඩැහැගැනීමට පෙරමුණගෙන සිටී.
මෙම මැතිවරණයෙන් මීගමුව ජනතාවට පාරවල් ටික පෙන්නා රවටා ජය ගතහොත් ධීවර කර්මාන්තය වෙළඳ ව්‍යාපාර හා සංචාරක කර්මාන්තය සහමුලින්ම ගම්පහ පෙරමුණු බලඇණියට අවශය පරිදි තමන් යටතට ගනු ඇත .
මුදල් ගසාකෑ නිසා අතරමග නැවතුන බස්නැවතුම් පොල ඉදිකිරීමට  මුදල් යෙදුවේ  ගම්පහ පෙරමුණු බල ඇණියයි. ඒ මීගමුවට ඇති ආදරේටද. නැත.
ව්‍යාපාර සියල්ල තමන්ට අල්ලාගැනීමට හැකි ඉක්මණින් බස්නැවතුම් පොල විවෘත කිරීමට මහන්සිගන්නේ ඒ නිසාය.

මීගමු වැසියනි, ධීවරයනි, ව්‍යාපාරිකයිනි, සංචාරක හෝටල් හිමියනි, මීගමුවට හිතැති  බුද්ධිමතුනි  මෙම ඡුන්දයෙන් පසු ඔබේ මීගමුව (ආදායම් මාර්ග සියල්ල* ගම්පහ පෙරමුණු බල ඇණිය අල්ලා බැදගත්විට ඔබ ප‍්‍රමාදවී වැඩිය.
( මීගමුව අවට දැනටමත් හෝටල් කියක් මේ ගම්පහ පෙරමුණු බලඇනියට අයත්දැයි සිතා බලන්න.)
ඒ නිසා පෙන්වන දකුණේ  වෙස් මුහුණට යටින් තිබෙන කපටිමූහුණ ගැන සිතන්න.

4 ගම්පහ පෙරමුණු බල ඇනියක් විසින් අල්ලාගැනීමේ අවසාන අදියර

මීගමුව බලය සිය අනසකට ගැනීම

මේ වනවිට ගම්පහ සම්පූර්ණ බලය නව පෙරමුණූ බලඇනිය විසින් ග‍්‍රහණය කර අවසන්ය. කටාන හා මීගමුවේ පොදු පෙරමුණ නායකයින්ට කළහැකි දෙයක් නැත.
ඹවුන්ට කිසි බලයක් අද නැති බව ඔවුන්ම මැසිවිලි නගයි. එසේ නම් නාගරික මන්ත‍්‍රිවරුන් ගැන පුරපති ගැන කියන්න දෙයක් නැත. හිටපු ප‍්‍රබල පෙරමුණු නයකත්වය ඝාතනයකට ලක්විය. නව නායකත්වය ගම්පහට පැරිෂුටකරුවකුමෙන් පැන එය කදිමට ග‍්‍රහනය කරගෙන ඇත. උතුරු නැගෙනහිර ප‍්‍රශ්ණය මගින් සෙසු ප‍්‍රදේශ ජයගත්තද මීගමුවට එය අසාර්තකවීය. දැන් අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ මීගමුව ජයගෙන පෙන්වීමය මෙම අභියෝගය බාරගෙන ඇත්තේ නව පෙරමුණේ නාගරික මන්ත‍්‍රී අපේක්ෂකයින්ය. ඔවුන් සිතන්නේ ඔවුන්ට ජය ලැබෙන බවයි. මේ සඳහා මොවුන් ට ගම්පහ බලඇනිය ලෝස් නැතිව  මුදලින් ආධාරකරමින් සිටි.
නමුත් මතකතබාගත යුතු සත්‍ය නම් පුරපති වන්නේ ගම්පහ බලඇණීයට අවශ්‍ය කෙනා මිස මීගමුව ජනතාව තෝරන කෙනා නොවේ.
ධීවර කතෝලික ව්‍යාපාරික ප‍්‍රජාව මහ ඉහලින් පත්කිරීමට ඡුන්දය දෙන අයට සිදුවන්නේ ගම්පහ පෙරමුණු බලඇනියේ පුද්ගලික උවමනාවන් වෙනුවෙන් මීගමුවේ සබ්බසකල මනාවම උගස් කිරිමටය.

5 මීගමුවේ ධීවර හා කතෝලික ව්‍යාපාරික ජනතාවගේ් බලය බිදීම

අතීතයේ සිටම මේ වර්තමානය දක්වාම මීගමුව ජනතාව දේශපාලන බේදයකින් තොරව යම් ප‍්‍රශ්ණයකදී එක්සත්ව සිට පැවති  ඕනෑම ආණ්ඩුවකට අභියෝග කරමින් තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට සමත්වීය. ඒ සඳහා ධීවර ජනතාව හා ආගමික  (කතෝලික* නායකයින් ව්‍යාපාරිකයින් මුල්තැන ගෙන කටයුතු කර ඇත.
ඉතා ළග දී සිදුවූ සී ප්ලේන් ප‍්‍රශ්ණයේදී ධීවර ජනතාව එක්ව ක‍්‍රියා කළ නිසා ගම්පහ බලඇණියට දන නමන්නට සිදුවීය.
මෙය සංචාරක කර්මාන්තය නැංවීමට යැයි කියා ධීවරයින්ව (කලපු* මහමගට දැමීමට කළ මහා ප්‍රොඩාවකි. රටේ බොහෝ ප‍්‍රදේශවල මෙය කළ හැකිවුවත් මීගමුවේදී පසුබැසීමට හේතුවූ නිසා මීගමුව ධීවර හා ආගමික නායකත්වය දැනටමත් මෙල්ල කිරීමට උත්සාහා දරමින් සිටින්නේ කෙසේ හෝ මේ  ඡුන්දය දිනා ගතහොත් ගම්පහ පෙරමුණට මේ බැරි වූ සියල්ල කිරීමට නිලබලය ලැබෙනු ඇත යන විශ්වාසය පෙරදැරි කරගෙනය.

6 මීගමු ඡන්දදායකයිනි, මේ ඔබේ වාරයයි’

ඔක්තෝබර් 08 වනදා පැවැත්වෙන්නේ මීගමුව මහනගර සභා ඡන්දයයි.එහෙත් ඒ හරහා මේ සිදුවෙමින් ඇත්තේ මීගමුව පාලනය කිරිමේ සුක්කානම මීගමුවේව දේශපාලන කුට්මුභටයක් හරයා ගම්පහ පෙරමුණු බල ඇනිය වෙත ලබාගැනිමේ ඇත්ත සටනයිි.
මේ සටනේදි ආන්ඩුව දිනනවා යනු මීගමුවේ ඉරණම ගම්පහ හරයා  හම්බන්තොට දේශපාලන කුටුම්භය අතට බන්දේසියක තබා දිමකි.
දැන් ඔබ මීගමුවට ආදරේ නම් නිවරදි තින්දුවක් ගන්න.

(මම මීගමුවට ආදරය කරන මනුස්සයෙක්.මෙයට හැකි ප‍්‍රචාරයක් දෙන්න .සංවාදයට ගන්න.)

1 COMMENT

  1. Awasan thurumpuwak neda? Mama kawadawath sandaaneta chandhe dheela nae. Mata awasthaawak thibba nam, man chande denne anduwata. Waedak karanda puluwan aanduwata, daen thiyena deshapalana kramaya anuwa. kochchara radical wenda haeduwath, UNP eka karanneth anthimata hora kaemayi.

Comments are closed.