මීගමුව, පිටිපන වෙරළ තීරයේ දරුණු වෙරළ ඛාදනයක්…

0
199

received_2457485491196028
මෝරවල වෙරළ මූහුදට, තාප්ප හතරක් මුහුදට!
වෙරළ අසල නිවෙස් වලට මුහුදු වතුර ගලයි..පදිංචිකරුවෝ නිවාස හැර යති.!

මුහුදින් හමන තද සුළග සමග ඇදී එන රළ පහරට ඔරොත්තු දීමට අවශ්‍ය පමනට ප්‍රමානවත් මුහුදු වෙරලක් නොමැති වීමෙන් මේ වනවිට මීගමුව, මෝරවල පිටිපනවීදිය සහ පිටිපන වෙරළ තීරය දරුණු වෙරළ ඛාදනයකට ලක්වී ඇති අතර මුහුද ආශ්‍රිතව ජීවත් වන ධීවර පවුල්වලට තම නිවස් අතහැර යන තත්ත්වයක් උදාවී ඇත.
තත්ත්වය පිලිබඳව ජනතාව වගකිව යුත්තන් දැනුවත් කර ඇතත් සිදුවන දරුණු වෙරළ ඛාදනය අවම කිරීමට මේ වන්තෙක් කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසින් පවසති.

ඡායා සහ සටහන -අරුණ ශාන්ත නෝනිස්

අතීතයේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින විට මෙවැනි තද සුළං සහ රැලිගැසීම් සිදුවුවද මෙවැනි වෙරළ ඛාදනයක් කිසිවිටක සිදුවූයේ නැත. කොළඹ වරාය නගරය ඉදිකිරීම සදහා මුහුද ගොඩකිරීමට මීගමුව වෙරළට ආසන්නයේ මුහුදු පතුලෙන් ඉවක් බවක් නොමැතිව වැලි හෑරීම නිසා මේ දරුණු වෙරළ ඛාදනය සිදුවන බව පාරම්පරික ධීවරයෝ පවසති.
මෙගා සංවර්ධන ව්‍යාපෘති නිසා ඇතිවන දරුණු ප්‍රතිපල වලට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ මේ රටේ සාමාන්‍ය ජනතාවටය.