මීගමුව පොලිසිය මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය නොසලකා ඇති බව අධිකරණයේදි හෙළිවෙයි ?

0
151
????????????????????????????????????

DSC_0870මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පහර දිමේ සිද්ධියේ විමර්ශණ කටයුතු මීගමුව පොලිසිය විසින් මන්දගාමි ආකාරයෙන් සිදුකිරිම ගැන නිරන්තරයෙන් අධිකරණයේදි අවධාරණය කර සිටි ප්‍රධාන මහෙස්ත්‍රාත්  රුචිර වැලිවත්ත මහතා 2016 ජුලි 05 වනදා විවෘත අධිකරණයේදි යලිත් වරක් අවධාරණය කර සිටියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධික්ෂණය යටතේ සතියක් ඇතුළත සියලුම විමර්ශන කටයුතු නිම කිරිම සදහා නියෝග කරන බවය.
එහෙත් අද පැවැති නඩුවිභාගයේදි කරණු දක්වමින් බස්නාහිර උතුරු අපරාධ පරික්ෂණ කොට්ටාශය භාර නිලධාරින් කියා සිටියේ තමන් වෙත මෙම පණිවිඩය ලැබුනේ ඊයේ දිනයේදි (ජූලි 11) බවත් එබැවින් පරීක්ෂණය සඳහා තවත් කල් ඇවැසි බවත්ය.
මේ ප්‍රකාශයෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා මීගමුවේ පොලිසියේ නිළධාරින් හට කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හට දැනුම් දිම එදිනම සිදුකරන ලෙස තමන් දැනුම් දි තිබුණ බවය.
කෙසේ වෙතත් මීගමුව පොලිසියේ මේ ක්‍රියාමාර්ග තුලින් පැහැදිලිව පෙනි යන කරුණ වන්නේ ඔවුන් හිතාමතාම මෙහි විමර්ශන කටයුතු පමා කරමින් සිටින බවය,
කෙසේ වෙතත් මීගමුව පොලිසියේ මේ ක්‍රියාමාර්ග තුලින් පැහැදිලිව පෙනි යන කරුණ වන්නේ ඔවුන් හිතාමතාම මෙහි විමර්ශන කටයුතු පමා කරමින් සිටින බවය.
මීගමුව ප්‍රධාන මහේස්ස්‍රාත්තුමාගේද නියෝගය නොසලකා හරින තැනට කටයුතු දැන් සිදුවෙමින් තිබිමෙන් මීගමුව පොලීසිය රටට දෙමින් සිටින පණිඩිඩය කුමක්ද ?

Save