මීගමුව පොහොට්ටුවේ අර්බුදය බරපතලයි ! ආසන සංවිධායක සරත් කාන්තා බලමණ්ඩල රැස්විම වර්ජනය කරයි ?

0
75

sarath Mahindnewමීගමු පොහොට්ටුව තුල දැවැන්ත ශිතල යුද්ධයක් යළිත් වරක් දැන් නිර්මාණය වෙමින් තිබේ.එයට ප්‍රධාන හේතුව වි ඇත්තේ ලංසා පවුල විසින් මිගමුව තුල සරත් ගුණරත්න වැනි ජේෂ්ඨ දේශපාලකයෙකුට දේශපාලනික වශයෙන් ස්ථාවර විමට ඇති ඉඩකඩ ඉතා සැලසුම් සහගතව අවුල් කරමින් තිබිමය.
මිට සති කිපයකට ඉහතදි පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා විසින් තරුණ බලමණ්ඩලය රැස්විම අවස්ථාවේදි කියා සිටියේ මිගමුව ආසනයේ පොහොට්ටු සංවිධායකවරයා සරත් ගුණරත්න බවය.
එහෙත් විශේෂයෙන්ම දායන් ලංසා විසින් සරත් ගුණරත්නව හෑල්ලු වන අන්දමේ මැදිහත්විම් කිපයක්ම පසුගිය දිනවල සිදුකර තිබුණි.
මේ සියල්ලේ ප්‍රතිඵලය වි තිබුනේ පසුගිය දිනක පැවැති පොහොට්ටුටේ කාන්තා බලමණ්ඩල රැස්විම සරත් ගුණරත්න විසින් වර්ජනය කර තිබිමය.
මිගමුව තෙල්වත්ත හංදියේ කාන්තා බලමණ්ඩල රැස්විම ගැන දැවැන්ත කට්අවුට් එකක ප්‍රදර්ශනය කර තිබුණි. එහෙත් එහි ලොකුවට බැබලෙන්නේ ආසන සංවිධායක සරත් ගුණරත්න නොව නගරාධිපති දයාන් ලංසාය.

මැතිවරණය කිපයක්ම මුවවිටය.පොහොට්ටුව මිගමුවේදි බරපතල අර්බුදයකය.