මීගමුව පොහොට්ටු පාලනයේ අර්බුද රැසක් ! යන්තම් මන්ත්‍රි ජේෂ්ඨයෙකුට ගේම ඉල්ලලා !

0
102

MC 2මීගමුව මහනගර සභාවේ පොහොට්ටු පාලනය තුල අර්බුද ගණනාවක් දැන් මතුව තිබේ. එකිනෙකාට නොපෑහෙන අත්දැකිම් හෝ අධ්‍යාපනයක් වත් නැති පූට්ටු මන්ත්‍රින් පිරිසකගෙන් සමන්විත මේ පාලනය දැන් එකිනෙකා ඇනකොටා ගන්නා තත්වයකට ගමන කරමින් තිබේ.
ඊයේ පැවැති මහසභාවට  කලපුව ගැන විෂය පත ගැන මෙලෝ දෙයක් නොදන්නා නමුත් යෝජනාවක් ඉදිරිපත් කොට තිබුණ මන්ත්‍රිවරයෙකු ඉන් කියා තිබුනේ කලපු සංවර්ධන වැඩපිළිවෙළ විධිමත් කිරිම හා කලපුව ආශ්‍රිතව සිදුවක පරිසරික විනාශයන් නැවැත්විමට පියවර ගත යුතු බවය.
මිගමුව කලපුව ආශ්‍රිතව සිදුකරගෙන යනු ලබන එක් ප්‍රධාන පරිසර හානියක් වන්නේ කරවල නිෂ්පාදන කර්මාන්තයයි.
කලපුව ආශ්‍රිත පරිසාරික විනාශයන් ගැන කණ වැකුණු සැනෙකින්ම කන් උස්සා බැලු එක්තරා පොහොට්ටු මන්ත්‍රිවරියක් එසැණින්ම ගේම ඉල්ලා සිටියේ තම කණ්ඩායමේම යෝජනාව ඉදිරිපත් කල මන්ත්‍රිවරයාට එරෙහිවය.
එපමණක් නොව මන්ත්‍රිකම් වලට අහම්බයෙන් පැමිණ සිටි ඇහින්දාස් මන්ත්‍රිවරයෙකුද පොහොට්ටුවේම ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකුට සම්චල් කර තිබුනේ ටයි කෝට් අදින මහත්තුරු කලපුය ගැන මොනවද දන්නේ යැයි කියමිනි.
මෙසේ කි මන්ත්‍රිවරයා තමන් යන්තම් මන්ත්‍රිවරි සිය කණ්ඩායමේ ජේෂ්ඨතම මන්ත්‍රිවරයෙකු සම්චල් කිරිමෙන්ම පෙනියන්නේ ඇතුළත ඇති අර්බුදය පමණක් නොව එයට අයත් යන්තම් මන්ත්‍රිලාගේ මැටි කමත්ය.
කෙසේ වෙතත් පෙහොට්ටුවේ ඇතැම් ජේෂ්ඨ මන්ත්‍රිවරුන්ටත් මේවා හොද පාඩ්මය.,බල්ලොත්  එක්ක ලැග්ග විට නැගිටින්නට වන මැක්කෝ පිහදදා යැයි තේරුම් ගැනිමට  දශක තුනක් ඉක්මවා මන්ත්‍රිධුර දරුවද නොහැකිතිබිම ගැන අපට ඇත්තේ කණගාටුවකි.
ඒ සැමට දැන් අපට කියන්නට ඇත්තේ ඔහොම යං කියාය.