මීගමුව බස්නැවතුමේ වැසිකිලි ජලය ගලාඒම නිසා BOC ATM යන්ත්‍රය අකර්මන්‍ය වේ

0
546
Public Central City Bus Station. Sri Lanka, Negombo, 2020
Public Central City Bus Station. Sri Lanka, Negombo, 2020

මිගමුව බස් නැවතුමේ පිහිටුවා ඇති (BOC) ලංකා බැංකුවේ ATM යන්ත්‍රය දැනට මාසයක පමණ කාලයක සිට ක්‍රියා විරහිතව ඇත. මෙයට හේතුව වී ඇත්තේ බස්නැවතුම්පලේ ATM යන්ත්‍රයේ මුදල් බහාලීමේ කොටසට ,බස්නැවතුමේ උඩුමහලේ ඇති වැසිකිලි පද්ධතියකින් ජලය කාන්දු වීමයි. දැනට මාසයකටත් අධික කාලයක සිට මීගමුව මහ නගර සභාවට හෝ අදාල වෙනත් වගකිවයුතු ආයතනයක් විසින් මෙම ගැටළුව විසඳීමට මැදිහත්වී නොමැති අතර එම ප්‍රමාදය හේතුවෙන් මෙම යන්ත්‍රෙයන් සේවාව බලාපොරොත්තුවෙන බස්නැවතුම්පොළට එන මගින් මහත් අපහසුතාවලට පත්වේ.
මේ සම්බන්ධයෙන් මීගමුව -බසාර් පාරේ පිහිටි ලංකා බැංකුවේ කළමනාකාරු පැවසූවේ මේ වනවිට මෙම ගැටළුව විසඳීමට බස්නැවතුම්පොලේ බලධාරින් අසමත් හෙයින් ATM යන්ත්‍රයේ පිවිසුම වෙනස් කිරිමට තීරණය කර ඇති බවයි. ඒ  අනුව ඉදිරි දින කිපයක් තුළදි එම ස්ථානයේ පිහිටා ඇති ATM යන්ත්‍රයේ පිවිසෙන දිශාව වෙනස් කර නැවත පිළිසකර කර ඉතා ඉක්මණින් ජනතාවට සේවය ලබාගැනීමට අවස්ථාව සලස්වන බවයි.