මීගමුව බිච් පාක් එකේ පාලනය රජයේ ආයතනයක් යටතට ගැනිම සදහා තවත් මිනිස් බිලි කීයක් ඇවැසිද ?

0
68

danger 1මීගමුවේ මේ වන විට වැඩිම මිනිස්බිලි ප්‍රමාණයක් ගත් එකම තැනක් ඇතිනම් ඒ බිච්පාක් එක විය යුතුය.
එහෙත් මේ ගැන මීගමුව පොලිසිය හෝ මහනගර සභාව හෝ කිසිදු වගකිව යුතු ආයතනයක් පියවරක් ගන්නේ නැත.
මේ අනාරක්ෂිත වෙරළ තිරයද අයත් බිච් පාක් එකේ පාලනය කිසියම් කප්පම් කල්ලියක් විසින් පවත්වාගෙන  යමින් ජාවාරමක යෙදෙද්දි මීගමුව පොලිසිය විසින් කරනු ලබන්නේ මේ සදහා අවැසි සේවාවන් සැපයිමද ?
එහෙත් අද බිච් පාක් එක අරභයා තින්දු කළ යුතුව ඇති ප්‍රධානතම කරුණ වන්නේ මෙහි පාලනය රජයේ ආයතනයක් විසින් වහාම මැදිහත්වි ලබාගෙන මිනිස් ජිවිත බිලිගැනිමේ තත්වයට විසදුමක් ලැබෙන තුරු මෙහි දියනෑම සපුරා තහනම් කළ යුතු වීමය.
ඒ සදහා තවත් මිනිස් බිලි කීයක් ඇවැසිදැයි අපට අසන්නට වන්නේ පොලිසිය ,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ මහනගර සභාවෙනි .