මීගමුව බොස්කෝ නිවාස සංකිර්ණයේ ආසාදිතයන් ගණන 06 ක් දක්වා ඉහලට ..

0
82

බොස්කොපුර නිවාස 2( 5.30 pm) මීගමුවේ ඇති විශාලතම අඩුආදායම් ලාභින් සදහාවන නිවාස සංකිර්ණය තුල පිහිටා ඇති නිවාස ගණන 194 ක් වන අතර එහි පුද්ගලයන් 800 කට වඩා ප්‍රමාණයක් වාසය කරති.
පසුගියදා මෙම නිවාස සංකිර්ණය තුල ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වි තිබිම බරපතල තත්වයක් ලෙසින් මතුවි තිබුනේ කුඩා බිම් කඩක විශාල පවුල් ගණනක් එකට වාසය කරමින් තිබිමත් නිසාය.
කෙසේ වෙතත් පසුගිය දිනවල කරන්නට යෙදුන PCR පරික්ෂණ වල ප්‍රතිපල වලට අනුව තවත් ආසාදිතයන් 4 දෙනෙකු හදුනාගෙන තිබේ.
ඒ අනුව නිවාස සංකිර්ණයෙන් හමුවු මුලු ආසාදිතයන් ගණන 6 ක් දක්වා ඉහල ගොස් තිබේ.
හෙට දිනයේ බොස්කෝපුර නිවාස සංකිර්ණයේ සියලු දෙනා සදහාම PCR පරික්ෂණ පැවැත්විමට නියමිත බවද වාර්ථාවේ