මීගමුව මහනගර සභාවට එජාප පොහොට්ටු සන්ධානයක් ?

0
89

MC-2-e1530758211220මීගමුව මහනගර සභාවේ පොහොට්ටු පාලනය දැන් අර්බුදයට යමින් තිබේ. දයාන් ලංසා නගරාධිපති කරවිම සදහා අටුවා ගත් යන්තම් කප්පම් පාලනයට සහය දුන් නාගරික මන්ත්‍රිවරුන් දැන් එක එකා ගැලවි යන තත්වයක් මතුවෙමින් තිබේ.
කප්පම් චෝදනාවක් නිසා පොහොට්ටුවට සහයට සිටි ස්වාධින මන්ත්‍රිවරයෙකු වන සුනිල් සිල්වා දැන් මාස ගණනාවක සිට  පොලිසිය මගහරිමින් සිටි. ඔහුට රට පැන ඇතැයිද රාවයක් පවති.
මේ අතර දයාන් ලංසා නගරාධිපති කරවිම සදහා සහය පළකළ කෙහෙල් ඇවරි පක්ෂයේ හිටපු මන්ත්‍රිවරයෙකු වන ඩෙක්ස්ටර් නැමැත්තාටද දැන් මන්ත්‍රිධුරය අහිමිය.ඒ වෙනුවට පත්කර ඇති නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන ලංසා පාලනයට එරෙහිව ප්‍රබලයෙකි.
එපමණක් නොව දයාන් ලංසා නගරාධිපතිකරවිම සදහා විවිධ ස්වාධින කණ්ඩායම් වලින් ඉදිරිපත්ව මන්ත්‍රිධුර ලැබු මුස්ලිම් මන්ත්‍රිවරුන්ද පසුගිය කාලය තුල පොහොට්ටුව විසින් දියත් කරන ලද මුස්ලිම් විරෝධි ප්‍රහාරයන් හේතුවෙන් දැන් කලකිරි සිටිති.
මේ සියළු වර්ධනයන් හමුවේ ලංසා පාලනය දැන් ඇත්තේ අර්බුදයකය.
තතු එසේ තිබියදි ඊයේ දිනයේ එජාප නාගරික මන්ත්‍රින් සහ නගාරාධිපති දයාන් ලංසා අතර විශේෂ සාකච්ජාවක් මිගමුවේ නගර ශලාව තුල විය.
පවතින අර්බුදකාරි වාතාවරණය හමුවේ දායන් ලංසා සිය පාලනයත් නාගරාධිපතිධුරයත් පවත්වාගෙන යාම සදහා එජාප නාගරික මන්ත්‍රිලාට වැඩියෙන් ප්‍රතිලාභ ලබාදෙමින් ඒ අයගේ සහය ලබාගැනිම දැන් උපක්‍රමය වි තිබේ.
පසුගිය අයවැයට පෙර පාසිකුඩා ගෙන ගොස් ලබා දුන් සි්‍යලු ආතල් අයත්වන්නේද මේ උප්පරවැට්ටි ක්‍රමයටමය.
එජාපයේ නව සංවිධායකගේ ප්‍රධාන ගෝලයා වන මිනිමරුම් චෝදනා ලැබ ඇප පිට සිටින නාගරික මන්ත්‍රිවරයෙකු ඊයේ පැවැති රැස්විමේ ප්‍රධාන චරිතයක් රගපා ඇති බව සැලය.
ලංසා පාලනය මිගමුවෙන් තුරන් කිරිම සදහා මිගමුවේ ඡන්ද දායකයා විසින් සිය කතිරය පාවිච්චි කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණය දා ලබා දුන් තිරාණාත්මක පණිඩිඩය මේ වන විට කාවින්ද ජයවර්ධනගේ මිගමුව එජාප නියෝජිතයන් විසින් අමු අමුවේ පාවාදෙමින් සිටිති.