මීගමුව මහනගර සභාවට රු 65000 ක පුටුවක් !

0
54

D430-H-500x555(9.00 am ) මහජනයාගේ ප්‍රශ්ණ කථාකරන කොට දාඩිය දාන නිසා මහසභාව පවත්වන ශාලාව වායුසමනය කළ යුතුයැයි පොහොට්ටුවේ මන්ත්‍රිවරියක් පසුගියදා යෝජනාවක් කර තිබුණි.
යෝජනාව ඇගේ නමින් වුවද ඇත්තටම එය කාගේ යෝජනාවක්දැයි සභාවේ බහුතරයක් කල් ඇතිවම දැනසිටියේය.
කෙසේ වෙතත් මෙම යෝජනාව  ඉදිරිපත් කළ මන්ත්‍රිවරිය කල් ඇතිවම දැනගත්තේ තමන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුන මේ ගොන්පාට් යෝජනාව නිසා මහසභාවේදි බඩකට පිරෙන්නට ලැබෙන බවය.
මේ නිසාම ඇය ඒ යෝජනාව සභාව ආරම්භයේදිම ඉල්ලා අස්කරගෙන තිබුණි.
AC නැතිනම් දාඩිය දානවා යැයි කියන මන්ත්‍රිණියගේ යෝජනාවේ ඇත්ත හිමිකරු දැන් තවදුරටත් තහවුරු වි තිබේ.
ඒ මහජන ප්‍රශ්ණ කථාකිරිමට වැඩිවේලාවක් ඉදගෙන සිටිමට අධි මිළකට පුටුවක්ද ඕනා යැයි  රු 65000 ක් ක් ගෙවා පුටුවක් මිළට ගෙන තිබිමය.
කොළඹ අතිප්‍රකට තැනකින් මේ පුටුව ගෙන්වා ඇත.
නගරාධිපතිවරුන් ගණනාවකට පස්ස පැත්ත තබාගන්නට සුදුසු වු  පුටු දැන් අහකට දමා ඇත.