මීගමුව මහනගර සභාවේ ඉජිනේරුවරයාටත් චෝදනා රැසක් ?

0
187

( 9 .30 am ) කාමච්චෝඩේ ඉදිකරමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක වහලයේ වැඩකටයුතු නිම නොකර තිබියදි, වැඩනිමකර ඇති බවට සහතික දෙමින් කොන්ත්‍රාත්කරුවන් හට මුදල් ගෙවිමට කටයුතු කළ දුෂිත නිළධාරින්ට එරෙහිව අදාල බලධාරින් නිසි ලෙසින් කටයුතු කල යුතුව තිබේ.

ජනාධිපතිවරණයට කලින් සිදුව තිබුන මෙම දුෂිත ගණුදෙනුවට හිටපු කොමසාරිස්වරයා මෙන්ම ඉජිනේරුවරයා මෙන්ම තවත් අය වගකිව යුතුබවට නගර සභා සේවකයෝ චෝදනා කර සිටිති.

මෙම කඩිමුඩි මුදල් ගෙවිම හේතුවෙන් මිගමු නගර සභා සේවකයන්ට සැප්තැම්බර් මස වැටුපද නියමිත දිනට ගෙවිමට අදාල බලධාරින් අපොහොසත්ව තිබුණි.

තට්ටු 4 කින් යුත් ගොඩනැගිල්ලක් ලෙසින් ඉදිකිරිම් ආරම්භ කිරිමේදි මේ සදහා ඇස්තමේන්තු කර තිබුණ මුදල රු කෝටි 20 ක් බව කියැවේ .
එහෙත් පසුව එය තට්ටු දෙකකට සිමාවි තිබුණි.
ඒ සදහා ඇස්තමේන්තු ගත මුදල වි තිබුනේ රු කෝටි 40 ක් බවද වාර්තාවේ .

මෙම ගොඩනැගිල්ල ඉදිකිරිමේ  කොන්ත්‍රාත්තුවට සම්බන්ධ කරගෙන සිටින මයික්‍රෝ ආයතනය සිය මුල් ටෙන්ඩරයේදි අසත්‍ය තොරතුරු  ඉදිරිපත් කර තිබුණි.
හරි නම් කළ යුතුව තිබුනේ එවැනි ආයතනයක් ආසාදු ලේඛන ගත කිරිමටය. එහෙත් සිදුව තිබුනේ දෙවන අවස්ථාවේදි ටෙන්ඩර කැදවිමේදි මෙසේ කුට ලේඛන ඉදිරෙිපත් කර තිබුණ සමාගමටම මේ ඉදිකිරිම් පවරා දිමය.

මේ අන්ත දුෂිත චෝදනාවෙන් ගැලවිමට මේ ඉජිනේරුවරයාට කිසිදු ඉඩක් නොමැත . ලංසා පවුලේ දුෂිතයන් හා එකගෙයි කමින්  බදු ගෙවන ජනයාගේ මුදල් වලට පිල්ලි ගසන සැමදෙනාව තරාතිරම නොබලා නිතිය හමුවට ගෙනඒම දැන් නව කොමසාරිස්වරියට පැවරි ඇති ප්‍රධාන වගකිමයි.
එය මාලිමා රජයේද ප්‍රධානතම ජනතා පොරොන්දුව .

මීගමුව ඊයේ ( 08) දිනයේ සිට පැමිණ ඇති නාගරික කොමසාරිස්වරිය මේ දුෂිත නිලධාරින්ට එරෙහිව ගන්නා පියවර ගැන අපි ඉතා ඕනෑකමින් යුතුව බලා සිටින්නෙමු.

දකිල ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here