මීගමුව මහනගර සභාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය නම් කරයි.

0
77
IMG-20190702-WA0002
එක්සත්  ජාතික   නිදහස්  පෙරමුණු මීගමුව   මහ  නගරසභාවේ  මන්ත්‍රීධූරයට   ජේෂ්ඨ   පුද්ගලයකු  වන  කපිල  නන්ද  සුලෝචන  මහතා එම  පක්ෂයේ  ප්‍රධාන  ලේකම්  මෛත්‍රී  ගුණරත්න  මහතා  විසින්  නම් කර  ඇත. ගම්පහ  දිස්ත්‍රික්   මැතිවරණ  තේරීම්   භාර  නිලධාරී   මාධව  මහතා   විසින්   නිකුත්  කරන   ලද  අතිවිශේෂ  ගැසට්  පත්‍රයෙන්  මේ බව දැනුම්  දී  අැත.කපිල  නන්ද  සුලෝචන  මහතා  කාලයක්  මීගමුව   මහ  නගර සභාවේ  මන්ත්‍රීවරයෙකු  ලෙස  කටයුතු  කර අත්දැකීම්   ඇති  අයෙකි.
මෙම නව පත්කිරීම සම්බන්දයෙන් මීපුර අප කපිල මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු සදහන් කර සිටියේ නගර සභාව තුල ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට සහය දැක්වීමක් සිදුනොකොට එක්සත් ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් නගර සභාව තුල පෙනී සිටින බවයි. මේ වන විට නගර සභාව තුල පවතින ආණ්ඩු පක්ෂය සදහා විවිධ දූෂණ චෝදනා පැවතියද තමන්ගේ සහය විපක්ෂයට හෝ ලබානොදෙන බවත් මේ වන විට ක්‍රියාකාරී විපක්ෂයක් නගර සභාව තුල නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේය.
පසුගිය   සමයේ මෙම   මන්ත්‍රීධූරය  හිමිව  සිටි  ඩෙක්ස්ටර්  ප්‍රනාන්දු  පක්ෂයේ  විනය  කටයුතු  උල්ලංඝනය   කිරීම  හේතුවෙන්  ඔහුගේ  පක්ෂ  සාමාජිකත්වය  අහෝසි වීම  නිසා  මෙම  පත්වීම   සිදුකර  ඇත.