මීගමුව මහනගර සභාවේ පාලනය ආරාජිකයි !කොමසාරිස් පිස්සු කෙලියි !

0
45

MC-NGBමීගමුව මහනගර සභාව ගෙවුන  දශකයට අධිකා කාලය තුල දේශපාලන අධිකාරි යටතේ බරපතල ආරාජික තත්වයකට ගමන් කළ අතර එහි පාලනය සිදුවුයේ වැල්ලිවිදියේ එක්තරා පවුලක් විසිනි.බදුගෙවන ජනයාගේ අවැසිතාවලට වලට වඩා ඒ පවුලේ සහ එකි ආධාරකරුවන්ගේ ඕනෑ එපාකම් හැමවිටම ප්‍රමුඛ විය.
ඒ යුගය පසු කොට පැමිණි නගර පාලනය පසුගිය කාලය තුල පරිපාලන අධිකාරිය වෙත මාරුවිමත් සමගින් දැන් තත්වය තවත් බරපතල වෙමින් තිබේ.
පවුලක අවැසිතා මත ක්‍රියාත්මක වු දේශපාලනය අධිකාරිය වෙනුවට දැන් නාගරික කොමසාරිස්වරයාගේ ඕනෑඑපාකම් වත  ක්‍රියාතමක වන පාලනයක් බවට පරිවර්ථනය වි තිබේ.
නාගරික කොමසාරිස්වරයා සිටින්නේ  හොරු සමග හෙළුවෙනි.
බදුවංචා කළ අදායම් නිලධාරිය හා කරේ අත දාගෙන එකට  කමින් බොමින් හොරුන් ආරක්ෂා කරමින් සිටිති.
එමෙන්ම දැන් ඔහුට බරපතල ලෙස රත ( ථ) ගායද වැලදි ඇති  බව අප දැනටමත්ම වාර්තා කර ඇත්තෙමු.
නගර සභා වාහන සිය බිරිද ගේ රාජකාරි සදහාද දැන් යොදා  ගැනේ .
එපමණක් නොව මාධ්‍යවේදියෙකුට  මහනගර සභා භුමියේදි  සිය රාජකාරි වේලාවේදි අංක රහිත යතුරු පැදියකින් පැමිණ පහර දුන් මැර සේවකයෙකු හට යළිත් රැකියාව ලබාදිම දැන්  පළාත් පාලන නිතියටද පටහැනි සේවාවක යොදවා ඇත.
පළාත් පාලන ඡන්දය කල් යන තරමට නාගරික කොමසාරිස්වරයා ඇති තරම් පිස්සු කෙලින්නට නියමිතව තිබේ.