මීගමුව මහනගර සභාවේ වැදගත්ම කාරක සභාවල බලය ආණ්ඩුවට අහිමිවෙයි.

0
74

මීගමුවේ මහනගර සභාවේ කාරක සභාවන් සදහා නියෝජතයන් තේරිම මේ මොහොතේ සිදුවෙමින් තිබේ.දැනට වාර්ථා වන අන්දමට එහි වැදගත්ම කාරක සභාවන් වන මුදල් කාරක සභාවේ සහ කර්මාන්ත කාරක සභාවේ බලය ආණ්ඩුවෙන් ගිලිහි ගොස් ඇත.
මේ කාරක සභාවන්හි මුලින් සිට ඇත්තේ එක් විපක්ෂ සභිකයෙක් පමණි.දැන් විපක්ෂ සභිකයන් ගණන 3 ක් වි ඇත.මුදල් කාරක සභාව සදහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් නාගරික මන්ත්‍රි දයාන් ලංසා සහ සේපාල මොරවක ඇතුලත් වි ඇත.
නගරාධිපතිවරයා ඊට නිලබලයෙන්ම ඇතුලත්ව සිටිති.
එහෙත් දායන් ලංසා සහ නගරාධිපති ඇන්ටනි ජයවීර සිටින්නේ එකිනෙකාට එරෙහිවය. ඒ අනුව 2015 වසර සදහා මුදල් කාරක සභාවේ වැඩි බලපෑමක් විපක්ෂයට සිදුකළ හැකි වනු ඇත.MC NGB

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here