මීගමුව මහ රෝහලේ ලමා වාට්ටු ගොනැගිල්ල විවෘත කිරීම..

0
200

IMG-20190613-WA0079IMG-20190613-WA0072IMG-20190613-WA0078අද (13) මීගමුව මහ රෝහලේ ලමා වාට්ටුව විවෘත කිරීමේ උත්සවය පැවැත්වුනු අතර මේ සඳහා ප්‍රධාන වශයෙන් මුල්‍යමය සහ අනෙකුත් සියළු දායකත්වය සපයා ඇත්තේ මෙල්වා පුද්ගලික සමූහ ව්‍යාපාරය විසිනි. මේ වනවිට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියක් සහිතව ගොඩනගා ඇති මෙම ලමා වාට්ටුව සියළු තත්වයන් සැලසුම් සහිතව නිර්මාණය කළ අංගසම්පූර්ණ එකක් වනබව කිවහැක.

මේ සඳහා අඟුරුකාරමුල්ල බෝධිරතනාරාමයේ නායක හාමුදුරුවන් වන පූජ්‍ය යටවත්තේ ඥාණාරාම ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක්ද එසේම සුපුවත් අරණ නිර්මාතෘ සහ එහි අධ්‍යක්ෂක ඩැරල් කූඤ්ඤ පියතුමා ඇතුළු කතෝලික පියතුමන්ලා දෙදෙනෙක්ද , හින්දු ආගම නියොජනය කරමින් තිරුපාකරන් ස්වාචාර්්‍ය තුමාද , මුස්ලිම් ආගම නියෝජනය කරමින් මොහොමඩ් ෂයාන් මව්ලවී තුමාද සහභාගී විය. මීට අමතරව සෞඛ්‍ය සෙවා අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු වෛද්‍යවරු සහ රෝහල් අධ්‍යක්ෂක වරු ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවිය.

මෙහිදී ප්‍රධාන අමුත්තන් ලෙස ගරු සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇමති තුමා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම් මුසම්මිල් මහතාද සහභාගි විය. මෙහිදී ප්‍රධාන වශයෙන් කරන ලද සුභ පැතීමේ කථා තුළින් මෙල්වා සමූහ ව්‍යාපාරය විසින් කෝටි 20ක ධන පරිත්‍යාගයෙන් ගොඩ නගන ලද මෙම ගොඩනැගිල්ලේ සියළු කටයුතු කරගෙන යාමේ සහ ඒ පිළිබඳව කැප කිරීම වෙනුවෙන් අගය කිරීමක් සිදුකරන ලදී. එමෙන්ම දොස්තර ලත්කුමාර මහතා ගේ මැදිහත්වීමද ඇගයීමට ලක්කරන ලදී . අවසාන වශයෙන් මෙම රෝහල් වාට්ටුව උදෙසා මෙල්වා සමූහ ව්‍යාපා‍රයේ මුරුගන් මහතා ඇතළු එම පවුලේ දරුවන් 5 දෙනෙකුගේ මැදිහත්වීම වෙනුවෙන් තිළින ප්‍රධානය කිරීමක්ද සිදුවිය.