මීගමුව මාරිස්ටෙලා ආදිශිෂ්‍ය සංගමය ඕස්ට්‍රේලියා ක්‍රීඩා සංචාරයක.

0
232

IMG-20190905-WA0003

IMG-20190905-WA0002

දින 15ක ක්‍රීඩා සංචාරයක් සඳහා මාරිස්ටෙලා විදුහලේ ආදිශිෂ්‍ය ක්‍රීඩා සංගමයට අවස්ථාවක් ලැබී ඇත. ඒ ඕස්ට්‍රේලියාවේ සිටින මාරිස්ටෙලා ආදි ශිෂ්‍ය සංගමයේ ආරාධනාවකට අනුවය. මේ අනුව ඔවුන් හෙට( 4දා) ඕස්ට්‍රේලියාවට යාමට නියමිතය. එහිදී ඔවුන් සැප්තැම්බර් 7සහ 8 යන දිනවලදී එහි සිටින ඕස්ට්‍රෙලියානු ආදිශිෂ්‍ය ක්‍රීඩාසංගමය සමඟ ඔවර්ස් 40 ක්‍රීඩා ඉසව් දෙකක් සඳහා තරඟ වැදීමට නියමිතය. ඊට අමතරව ඕවර්ස් 20 තරඟයක් U T S C නම්වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සංගමය සමඟ තරඟ වැදීමට නියමිතය. එසේම මෙම ක්‍රීඩා සංචාරය සූදානම් කිරීමට හේතුවූ ප්‍රධානතම සාධකය වී ඇත්තේ මීගමුවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින මාරිස්ටෙලා ආදිශිෂ්‍ය සංගම් දෙකෙහිම 20 වන සංවත්සරය මෙදිනට යෙදී තිබීමය. එසේම මීට පෙරදී පැවැත්වුනු තරඟයකදී මාරිස්ටෙලා විදුහල ජයග්‍රහනය කිරීමත් මෙසේ ආරාධනා කිරීමට හේතුවූ තවත් කාරණයක් වී ඇත.

මෙවැනි ක්‍රීඩා සංගමයක් ඇත්තේ ආනන්ද විද්‍යාලයේ සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ පමණක් බවත්, ඒනිසා මෙය පාසැලක් වශයෙන් ආඩම්බර වීමට හේතුවූ කාරණයක් බවත් ඔවුන් පවසයි. මෙම ආදිශිෂ්‍ය සංගමයේ මාධ්‍ය සාකච්ඡාව සඳහා ආදි ශිෂ්‍යය සාමාජිකයින්ට අමතරව මාරිස්ටෙලා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති වන ගරු රංජිත් පෙරේරා පියතුමාද සහභාගි විය.

 

IMG-20190905-WA0005

IMG-20190905-WA0000

IMG-20190905-WA0006

IMG-20190905-WA0007