මීගමුව රාජපක්ෂ පාක් එක වසා දමා මාස 20 ක් …?

0
144

මීගමුව රාජපක්ෂ උද්‍යානය වසා දමා මාස 20 ක් ගෙවි තිබුනද අද වෙන තුරුත් එය විවෘතකර ගැනිමට නොහැකි තත්වයකට වත්මන් ආණ්ඩු පක්ෂ පාලනය අද පත්ව තිබේ.
රාජපක්ෂ මුදලිතුමන් විසින් කිසිදු මුදලක් මේ උද්‍යානයෙන් අය නොකල යුතු බවට සදහන් කරමින් මීගමුව නගර සභාවට ලබාදි තිබුන ඔප්පුවද විනාශ කරමින් මෙම උද්‍යානය පුද්ගලික සමාගමක් වෙත විනෝද ක්‍රිඩා සදහා ලබාදිමට නිමල් ලංසා නගරාධිපතිවරයා කටයුතුකර තිබුනේ එකි සමාගමෙන් මසකට රු.ලක්ෂ 5 ක් නගර සභාවට ගෙවිමේ කොන්දේසි මත වුවද අදාල සමාගමට එකි මුදල ගෙවිමට නොහැකි විය. මේ අනුව දැනට රුලක්ෂ 50 කට ආසන්න මුදලක් මීගමුව මහ නගර සභාවට අය විය යුතුව තිබේ.
එමෙන්ම 2009 ජුලි 16 වනදා සිට මේ උද්‍යානය වසා දැමිමෙන් පසු මේ දක්වා රු මිලියන 2 කකට ආසන්න මුදලක් ආරක්ෂක අංශ වෙතගෙවා ඇත.
මෙම උද්‍යානය මල් උද්‍යානයක් ලෙසින් පැවැති සමයේ රු 75000 කට ආසන්න මුදලක් මසකට ඉපයීමේ හැකියාවක් තිබුනද නිමල් ලංසාගේ අසාර්ථක ව්‍යාපෘතිය හේතුවෙන් ඒ සියල්ල අහිමිව ගොස් බරපතල පාඩුවක් පමණක් ඉතුරු කර තිබේ.
ඇතිව තිබෙන මේ තත්වය ගැන සාකච්ඡා කිරිම සදහා 2011.02.02 දින මහ සභාව වෙත යෝජනාවක් ගෙන ඒමට විපක්ෂ නායක රොයිස් විජිත මහතා කටයුතු කර තිබුනද එය නගරාධිපති හර්මන් කුරේරා විසින් න්‍යාය පත්‍රයට ඇතුළු කිරිම ප්‍රතික්ෂේප කර ඇතැයි අප කළ විමසුකදි පවසා සිටියේය.