මීගමුව රෝහලට අවශ්‍ය C T යන්ත්‍රය ලබා ගැනීමට බාධා කරන්නේ කව්ද?

0
218
Female doctor fixing face mask to patient lying on MRI scan machine in hospital

Female doctor fixing face mask to patient lying on MRI scan machine in hospital

මීගමුව  රෝහලට   අත්‍යවශ්‍ය උපකරණයක් ලෙස  සැළ‍කෙන

C T ස්කෑන්  යන්ත්‍රයක් ( Computer  Tomograpy)    පිලිබඳ  අදහස  මතුවී  ඇත්තේ   බස්නාහිර  පළාතට  එවැනි  යන්ත්‍ර  දෙකක්  අනුමත වී  ඇති  හෙයිනි.  නමුත්  මේවනවිට  ඒවා  වතුපිටිවල   සහ  ගම්පහට  යෝජනා වී  ඇතිබව  මීගමුව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසයි. මේ  ගැන  අපි  කිහිප  වතාවක්  මීගමුව  රෝහලේ  බලධාරීන්  සමඟ   සාකච්ඡා  කළෙමු. නියෝජ්‍ය  අධ්‍යක්ෂක  මහේන්ද්‍ර  මහතා  ඇතුළු  කාර්්‍ය  මණ්ඩලය  මේ  සඳහා   උනන්දුවෙන්  කටයුතු  කරන  නමුත්  මෙම  අවස්ථාව  මගහරවන  සහ  ඊට  බාධාකරන  වෛද්‍ය  වරයෙක්  සිටින  බවටද  අපට  වාර්තා වේ.

නවලෝක  රෝහලට  මෙවැනි  යන්ත්‍රයක්   තිබෙන  නිසා  යහමින්  මුදල්  ඇති  අයට මේ  යන්ත්‍රය  මගින්  කරන  පරීක්ෂණ  කටයුතු  කර  ගැනීම  ගැන  ප්‍රශ්ණයක්  නැත.  නමුත්  ප්‍රශ්ණය  වන්නේ  එසේ  මුදල්  නැති  දුප්පත්  අයටය.  ඒනිසා  මෙහි  විශාල  සේවයක්  වන්නේ  අසරණ  දුප්පත්  මින්සුන්ටය.  මේ  ගැන  අප කළ  විමසුමකදී   නියෝජ්‍ය  අධ්‍යක්ෂක  මහේන්ද්‍ර  මහතා  ප්‍රකාශකළේ මසකට  250ක්  300ක  පමණ  සංඛ්‍යාවක්  මේ  සඳහා  කොළඹ  යැවීමට  සිදුවී  ඇති  බවයි.

මොලේ  ක්‍රියාකාරීත්වය  අඩපනවූ  විට  මෙම  යන්ත්‍රයෙන්  පරීක්ෂා  කර  ඊට  අදාල  ප්‍රතිකාර  කරමින්  රෝගියා  සුවපත්  කරගැනීමේ  හැකියාව  ඇත. එසේ  සුව කර  ගැනීමේ  හැකියාව  ඇති  රෝගීන්  ආර්ථික  අපහසුතාවය  මැද  මියයන්නේ නම්  එය  ඉතා  කණගාටුදායක  තත්වයක්  බව  පැහැදිළිය.  මේ  අනුව  මීගමුව  රෝහලට  ලැබෙන්නට  යන  මෙම  යන්ත්‍රය  ආපසු  හරවා  යවන්නට  කිසිවෙකු  උත්සාහ  ගන්නේ  නම්  විශාල  අපරාධයකි. මෙම  යන්ත්‍රය  සඳහා  අවශ්‍ය  ස්ථානය  දැනටමත්  රෝහල්  බලධාරීන්  විසින්  සූදානම් කර ඇත.