මේ තත්වය මත රෝහලට කඩිනමින් අතුරු ගොඩනැගිල්ලක් ඉදිකරන්නට ඇති අවශ්‍යතාවයත් තට්ටු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ කටයුතු කිරිම සදහා මොරටු සරසවියේ මහාචාර්ය වරයෙකු රෝහලට කැදවාගෙන එන්නටත් කඩිනමින් තාවකාලික විසදුම් සොයන්නටත් ඉක්මන් පියවර ගෙන තිබුනේ මීගමුව රෝහලේ සිටි ළමා රෝග විශේෂඥ ලක්කුමාර මහතාය.
සෞඛ්‍ය ඇමති රාජිත් සේනාරත්න මහතා මිගමුව රෝහලට පැමිණි අවස්ථාවේ රෝහලේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ගැන කටයුතු කිරිමට ඇමති නිම්ල් ලංසාට මෙන්ම වෛද්‍ය ලක්කුමාර හට භාරදිමට පියවර ගෙන තිබුණි.
මේ අනුව ක්‍රියාත්මක වු විශේෂඥ වෛද්‍යවරයා එහෙම පිටින්ම වන් මෑන් ෂෝ එකක් ක්‍රියාත්මක කරමින් රෝහලේ අනිකුත් කාර්ය මණ්ඩල වල අදහස් විමසන්නේ නැතිව මීගමුව රෝහලේ අදාල මහාචාර්යවරයාගේ සැලැස්ම මත තාවලික අඩුවියදම් ගොඩනැගිලි 4 ක් ඉදිකරන ලදි.
දැන් එවායේ රෝගින්ට තබා වෛද්‍ය හෙද කාර්ය මණ්ඩලයටවත් සේවය කරන්නට නොහැකි වි ඇත්තේ එහි ඇති අධික රස්නය නිසාවෙනි.
කෙසේ වෙතත් මේ කටයුතු සදහා රු ලක්ෂ 500 ක් වෙන්කර තිබුණ.
සැලැස්මකින් තොර වැඩ නිසා මීගමුවේ රෝහලේ පැවැති විශාල හිස් භුමි ප්‍රමාණයක්ද අහිමිව ගොසිනි.
ඊළග අරුමය වන්නේ අර මහාචාර්ය වරයා ගැන දැන් අසන්නටද නැත.
විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා ද වෙනත් රෝහලකට මාරුවක් ලබාගෙන ගොස් ඇත.
දේශපාලකයන්ගේ පැත්තෙන් රෝහලේ කරදරය යම්පමණකට ඉවර යැයි හිතහදාගෙන සිටියද එහි ප්‍රථිපල නිසා සදාකාලිකව විදවන්නට සිදුව ඇත්තේ රෝගින්ට සහ කාර්යමණ්ඩලය හටය.
කෙසේ වෙතත් දැන් මේ දිනවල මීගමුවේ කථාබහට ලක්ව ඇති රාජ්‍ය ව්‍යෘපෘතිය වන්නේ මීගමුව කලපුව සංවර්ධනය කිරිමේ ව්‍යපෘතියයි.
එහි ඇස්තමේන්තු ගත වියදම රු මිලියන 1000 කි.
එය අදියර 3 නකින් ක්‍රියාත්මක විමට නියමිතය.
එනම්
1.මීගමුව ලෙල්ලම ආශ්‍රිත සංවර්ධනය
2.රේගු නිවාස(custom House)පාර අශ්‍රිත සංවර්ධනය
3.රෙජිනා පාර ආශ්‍රිත සංවර්ධනය
මෙම ව්‍යපෘතිය සදහා උපදේශකත්වය සපයන්නේ මොරටු සරසවියේ වාස්තු විද්‍යාපිඨ ව්‍යාපෘති උපදේශක ඒකකය විසිනි.
2016 මැයි 12 වනදා පෙරවරුවේ මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කිරිමේ උත්සවය මීගමුව දුව හංදියේදි පැවැත්විණි.
ඒ සදහා ධීවර ඇමති තුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරියද ,පරිපාලන අධිකාරියද එක්ව සිටියහ.
මේ සදහා පුරවැසියන්ගේ අධිකාරිය නියෝජනය කරමින් නිසි නියෝජිත්වයක් තිබුනේද යන්න පැහැදිලි නැත.
මීගමුව කලපුව ගැන මහත් උනන්දුවකින් කලක පටන් කටයුතු කළ ඇතැම් ධීවර සංවිධානය මෙම ව්‍යපෘතියට දැනටමත් සිය විරෝධයන් මතු කර තිබේ.
මෙම ව්‍යපෘතියේ ඇත්ත අරමුණ කලපුව සුරකිමද ?නැතිනම් යෝජිත සංවාරක ප්‍රවර්ධන වැඩපිළිවෙල සදහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයිමද ?
දැන් කලපුවේ මසුන් වේගයෙන් අඩුවෙමින් යන බව ධීවරයෝ කියති.ඒ පසුබිම යටතේ හෙට දිනයේ මීගමුව කලපුව සංවර්ධනය කිරිම යනු සංවාරක ව්‍යාපාරය සදහා විනෝදය සැපයිමට අවැසි පහසුකම් නිර්මාණය කිරිමද ?
කෙසේ වෙතත් මීගමුවේ හා විශේෂයෙන්ම කලපු ධීවරයන්ගේ අනාගතයද බලපාන අන්දමේ ව්‍යපෘතියක් වන මෙහි ප්‍රථිපල හෙටදිනයේ ඇත්තටම ලැබෙනුයේ කාහටද යන්න ගැටලු සහගතය.
එනම් මෙහිදි වැය කිරිමට නියමිත මිලියන 1000 යේ විවිධ අධියරයන්හිදි තින්දු තිරණ ගැනිමේ පරම බලඅධිකාරිත්වය හිමිකරගෙන ඇති දේශපාලන අධිකාරියේ විවිධ අයවලුන් වෙත මෙම මිලියන 1000 න් කොපමණ නම් මුදලක් යාවිද ?
මේ ගැන ජනතාවට වගකිමට බැදි සිටින්නේ කව්ද ?
පරිපාලන අධිකාරියද ?ධීවර සංවිධානයද?