මීගමුව රෝහලට CCTV හයිකරනවලු ? පිරිසක් විරුද්ධලු ?

0
71

cctv camතාක්ෂණය දියුණුවත්ම එහි ප්‍රයෝජනය විවිධාකාරයන්ගෙන් ගැනිම සදහා අද කව්රුත් උනන්දු වෙනවා.
විද්‍යාත්මක ප්‍රවේශයන් ගැනිම තමයි හෙට දවසේ දියුණුවට අද  අපි දැක්විය යුතු නිවරදි ප්‍රතිචාරය.
මේ අනුව මීගමුව රෝහල තුලද  CCTV කැමරා පද්ධතියක් ස්ථාපිත කිරිම පිළිබදව ඇති ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මකයි.
එය ඉතා ඉදිරිගාමි ප්‍රවේශයක් .
නමුත් මේ ගැන දැනටමත් විවිධ  මත මේ දිනවල පැතිර යන්නට පටන් අරගෙන.
විවිධ අය විවිධ ප්‍රශ්ණ මතුකරනවා.
මේ අතර වැරදි මතත් පැතිර යනවා කියලයි අපට නම් හිතුනේ ..
කොහොම උනත් අපි හෙටට ගැලපෙන විදියට හිතන්න පටන් ගත්තේ නැති උනොත්  පරිදින්නේ  අපිමයි.
මේ රටේ දැන් ගොඩක් හොරවැඩ අල්ලගන්නේ CCTV වලින්. ඉතින් ඒ වගේ හොර වැඩ කරන අය නම් අනිවාර්යෙන්ම මේ වගේ දේවල් වලට බයයි.
එහෙම නැතිකොට අනික් අය බයවෙන්න නම් කිසිම හේතුවක් නැ.
මීගමුව රෝහල මේ කලාපේ හොදම රෝහල කරගන්න ඕනැ. එකේ කථා දෙකක් නෑ.
හැබැයි ඉතින් රෝහලඑහෙම ගොඩනගන්න කල්පනා කරනව නම් ටිකක් අළුත් විදියට හිතන නවින අදහස් තියෙන අය ඒ වැඩේට බහින්න ඕනේ .
හිතහොද වුනත් හිතන විදිය පරණ නම් එහෙම අයට මේ අභියෝගය ජයගන්න කරන්න පුලුවන් කොටස ඉතාමත් සිමිතයි.