මීගමුව රෝහලේදි මළසිරුර තුනක් මාරුවෙලා ! මළ ගෙවල්වල කලබල !

0
116

motury-1

ඊයේ  (අගෝස්තු 06 )  මීගමු  රෝහලේ   මෘත  ශරීරාගාරයේ  සිදුවූ   මළ  සිරුරු  තුනක්  එකිනෙකට  මාරුවීමේ   අමුතුම  ජාතියේ  පුවතක්  වාර්ථා විය.
මෙම  සිදුවීම  වාර්ථාවන්නේ  කටාන,  දළුපත  සහ  දංකොටුව  යන  ප්‍රදේශවල  මියගිය  පුද්ගලයින්  තිදෙනෙකු  සම්බන්ධයෙනි.
මෙම  පැටලීම  පැටලීමක්  නොවන  බවත්,  තමන්  රැගෙන  ආවේ  තමන්ගේම  පුද්ගලයා  බවත්   පවුල්  දෙකක   විශ්වාසය  වී  ඇත.
මන්ද  මේ  තිදෙනාම  එකම  වයසේ  විය.
තිදෙනාම   හැද  සිටියේ    ජාතික  ඇඳුමය.
මේ  තිදෙනාගේම  දෑස්  සුදු  පැහැයෙන්  තිබී  ඇත.
මෙම  විපර්්‍යාසයේ    සත්‍යතාවය  දැනගනුවස්  අප  දළුපත  පාතිමාවත්තේ   මළ සිරුර  තිබෙන  නිවසේ  මියගිය  පුද්ගලයාගේ  දියණියට  දුරකතනයෙන්  අමතා  සිටි අවස්ථාවේ  එය  සත්‍ය  කරුණක්  බව  පැහැදිළි  කරගත හැකි විය.

පළමුවෙන්ම  මීගමු  රෝහලේ  මෘත  ශරීරාගාරයෙන්   මළසිරුර  රැගෙන ගියේ  දංකොටුව,  ලිහිණියාගම  එම    මළ  සිරුරේ  අයිති  කරුවන්ය.
මේ  සඳහා  පැමිණ  ඇත්තේ  එහි  මල්ශාලාවේ  රියදුරු  මහතාය.
දෙවනුව  රැගෙනගිය  මළ සිරුර  අයිති කරුවන් වූයේ  කටාන ,  කළුවරිප්පුව  ප්‍රදේශයේ  පවුලකි.
එය රැගෙන  යාමට  පැමිණ ඇත්තේ  වයසක පුද්ගලයෙකු  සහ  කාන්තාවකි.
තුන්වන  මළ සිරුර   රැගෙන  යාමට  පැමිණි  දළුපත  පාතිමා වත්තේ  එම  පවුලේ  අය  මළ  සිරුර  වාහනයට    පැටවීමට  පෙරම  එය  තමන්ගේ  නොවන  බවට  හඳුනා   ගන්නා  ලදී.
මින්  කලබලයට  පත්වූ  ඔවුන්  කලින්  ගෙනගිය  මළ  සිරුර  ඇති  නිවසට  පැමිණියේ  එය  තමන්ගේ  එකදැයි  සොයා බැලීමටය.
නමුත්  එම  නිවසේ  අය   කියා සිටියේ  එය  තමන්ගේම  බවය.
පසුව එය   ඒ  අයගේද  නොවන  බව  ඔවුන්ට  පැහැදිළි විය.
ඒනිසා    ඔවුන්  නැවත   ඊලඟට    ගෙනගිය  මළ  සිරුර  තිබුනේ  දංකොටුවේ   ලිහිණියාගම   ප්‍රදේශයේය.
ඒඅනුව  ඔවුන්  එම  නිවස  බලා පිටත් විය.
ඒ   ගැන  විමසා  බැලීමේදී   එය  තමන්ගේ  බව  ඔවුන්ට  හඳුනා  ගැනීමට  හැකිවිය.  නමුත්  මෙම  නිවසේ  අය  ප්‍රකාශ  කළේ   එය  තමන්ගේ  බවය.   නමුත්  දළුපත  මියගිය   අයගේ  පුතෙකු   දෙදෙනාගේ  ඇඟිල්ලේ  පැවති  පරස්පරයක්  මගින්  මළ  සිරුරු  දෙකේ  වෙනස  හඳුනා  ගැනීමට  සමත්වී  ඇත.
ඒ  අනුව  ලිහිණියාගම  මළ  සිරුර  නැවත  වෙස්ටන්  මල්  ශාලාවට  රැගෙන  ආ  අතර  දළුපත  පාතිමා වත්තේ  නිවසේ  මළ සිරුර  කළුවාරිප්පුවට  ගෙනගොස් දී  එහි  මළ  සිරුර  පාතිමා  වත්තට  ගෙනවුත්  දී  මළ  සිරුර වල  ප්‍රශ්ණය  සාමකාමීව  විසඳා  ගන්නා  ලදී.