මීගමුව රෝහලේ ආරක්ෂක අංශයේ කාන්තා නිළධාරිණියන්ට මහජන අප්‍රසාදය !

0
80

IMG-20190726-WA0023IMG-20190726-WA0022මීගමුව රෝහලේ ආරක්ෂාව සඳහා හැඳුනුම්පත පරීක්ෂා කරමින් සහ දිගු පෝලිමක් නිර්මාණය කරමින් කරන ආරක්ෂක වැඩ පිළිවෙල මේ වනවිට ජනතාවගේ කලකිරීමට හේතුවක් වීඇත.
එසේ වීම ගැන කරුණු දක්වන ඔවුන් ප්‍රකාශ කරන්නේ ආරක්ෂක අංශයේ කාන්තා හැසිරීමට හැසිරීමත්, කථාකරන වචනත් නිසා ජනතාවගේ අප්‍රසාදය නිර්මාණය වීඇති බවයි .
මෙම තත්වය පිළිබඳව කරුණු දක්වා සිටින අය තමන් ලැබූ අත්දැකීම් ඉදිරිපත් කරන්නේද  ආවේගශීලීවයි.
රෝහලේ ක්‍රියාත්මක වන යහපත් දේ වල් තුළ මෙකී තත්වය කිරි වීදුරුවට ගොම බිඳුවකි.
පසුගිය දිනක රෝහල් ගේට්ටුව දෙපස හිඳ අසභ්‍ය වචන හුවමාරු කරගනිමින් ක්‍රියාත්මකවූ ආකාරය ලජ්ජාව සහගතය. රෝහලට එන අයගේ මානසික ස්වභාවය අවබෝධ කර ගැනීමට යම් අවබෝධයක් තිබිය යුතුය. රෝහලක් වැනි ස්ථානයක රාජකාරියේ යෙදෙන අයට එම අවබෝධය අත්‍යාවශ්‍ය බව අප⁣ගේ විශ්වාසයයි.