මීගමුව රෝහලේ ඇස් වාට්ටුවේ ලොකු දොස්තර මහත්තුරුන් ගැන ඇත්ත චෝදනාවක් ?

0
75

hospital_negombo_20110121_2078313609පසුගිය දිනක මීගමුව මහනගර සභාවේ හිටපු එජාප නාගරික මන්ත්‍රිවරයෙකු වන ගිහාන් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳ අක්කරගම ප්‍රදේශයේදි රිය අනතුරකට මුහුණ දි තිබුණි.
එහිදි දෙදෙනාටම තුවාල සිදුව තිබුන අතර බිරිදගේ ඇගිල්ලක් කැඩි ඇස්වලද කිසියම් අපහසුතාවක් මතුව තිබුණි.
මේ හේතුව නිසා වහාම මීගමුව රෝහලට පැමිණි ඇය රෝහලේ ඇස්වාට්ටුවේ වැඩිදුර ප්‍රතිකාර සදහා නේවාසිකව ප්‍රතිකාර පටන් ගෙන තිබුණි.
ඇය පවසන පරිදි ඔවුන් රෝහලට ඇතුලත්ව තිබුනේ පෙ.ව 11  පමණය.
මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා විසින්ද මේ පිළිබදව රෝහලේ ඇතැම් ප්‍රධානින් හට දන්වා තිබුණේ ඇස්වලට කඩිනම් ප්‍රතිකාර කිරිමේ අවශ්‍යතාවය ප්‍රබලව ඒ මොහෝතේ මතුව තිබුණු බැවිනි.
තතු එසේ වුවද එදින රාත්‍රිය වනතුරුත් ආදාල වාට්ටුවේ කිසිදු ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයෙකු පැමිණ උදේවරුවේ ඇතුළුත්ව සිටි මේ ලෙඩාට ප්‍රතිකාර කර තිබුණේ නැත.
පසුව අප මේ ගැන මීගමුව රෝහලේ අධ්‍යක්ෂකතුමියගෙන් විමසා සිටි අවස්ථාවේදි ඇය කියා සිටියේ තමන් ඒ ගැන සොයා බලන බවය.
කෙසේ වෙතත් අදාල වෛද්‍යවරුන් පැමිණ තිබුනේ ඉන් පසුවය.
මෙය බරපතල තත්වයකි.
ඇසක් ප්‍රශ්ණයක් යනු ඉක්මනින් ප්‍රතිකාර කරගත යුතු තත්වයක් නිසා මීගමුව රෝහලට පෙරවරුවේම පැමිණි මේ රෝගියාට ප්‍රතිකාර ලැබෙන්නේ රාත්‍රියේදිය.
ඒ ද මීගමුව රෝහලේ අධ්‍යක්ෂකතුමිය මේ පිළිබදව  විමසිමෙන් අනතුරුවය.
මේ තත්වය වෙනස් කර ගැනිමට ඇස් වාට්ටුවේ වෛද්‍යතුමන්ලාට ඇස් ඇරේවා ……..