මීගමුව රෝහලේ එකෝ මැෂින් එක හැදෙන්නේ කවදාද ?

0
199
medical nigligance
health1

මීගමුව රෝහලට පැමිණෙන හෘද ආබාධ සහිත රෝගීන්ගේ එකෝ (Eco) පරීක්ෂණ සදහා ඔවුන්ට  රාගම රෝහලට හෝ පුද්ගලික රෝහල් වෙත යාමට සිදුව ඇත්තේ රෝහලේ එම යන්ත්‍රය පිළිසකර කිරීමට සිදුවී ඇති නිසාය. නමුත් දැන් මෙම යන්ත්‍රය කැඩී මාස ගණනක් ගතවී ඇතත් තවමත් එය හැදෙන පාටක් නොමැති බව රෝගීන් මැසිවිලි නගති. රෝහලක එකෝ මැෂින් එකක් සෑදීමට අවශ්‍ය උපකරණ කොටසක අඩුවක් පිරවීමට රෝහල් බලධාරීන්ට මෙතරම් කාලයක් අවශ්‍යද ? මෙහි වරද ඇත්තේ කොතැනද ? මෙම ප්‍රමාදය නිසා දුප්පත් රෝගීන්ට මීගමුවේ ඇති පුද්ගලික රෝහල් වෙත යාමට සිදුවීම රෝහල් බලධාරීන්ට කිසිදු වගක් නැති ගානය.  රෝගීන්ට ඇති පොදු පහසුකම් වල අඩුපාඩු  වෙලාවට සම්පූර්ණ කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියක් තිබිය යුතු අතර මේවා සියල්ල වෛද්‍ය නිලධාරීන්ගේ අකාර්්‍යක්ෂමභාවය මත රැදී පවතින බව නොඅනුමානය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here