මීගමුව රෝහලේ කොරෝනා වාට්ටුව කඩිනමින් ප්‍රතිසංස්කරය කෙ⁣රේ !

0
615

IMG-20200201-WA0022

IMG-20200201-WA0021IMG-20200201-WA0020IMG-20200201-WA0010IMG-20200201-WA0016IMG-20200201-WA0011මීගමුව මහ රෝහලේ 16 වාට්ටුව මෙතෙක් වෙන්කර තිබුනේ මානසික රෝගීන් සඳහාය . නමුත් පසුගිය දිනවල මෙම රෝගීන් අංගොඩ මානසික රෝහලට අනුයුක්ත කරන ලදී . ඒ කොරෝනා වෛරසය පැතිරෙමින් පවතින මුල් අවස්ථා වලදීය.
දැන් මෙම 16 වාට්ටුව කෙරෝනා රෝගීන් සඳහා සූදානම් කර ඇත . අද මෙම වාට්ටුව පිළිායල කිරිම සදහා මෙහි ශ්‍රමදානයක් මගින් සෝදා පිරිසිදු කරන ආකාරය දක්නට ලැබුනු අතර මෙම කටයුත්ත සඳහා පිරිසිදු කරන අංශයේ පිරිස පමණක් නොව කාර්‍යමණ්ඩලයත්, වෛද්‍යවරුත් මැදිහත් වී සිටිනු පෙනින .

16 වාට්ටුව සකස්කර ඇත්තේ මානසික රෝගීන්ට අදාල තත්වයන් පදනම් කර ගනිමින්ය. රෝහල් කාර්‍යමණ්ඩලයේ මහත්මියක් ප්‍රකාශකළේ මානසික රෝගීන් විවිධ හැසිරීම් අනුව ක්‍රියාත්මක වන බැවින් කාර්‍යමණ්ඩලයට ආරක්ෂා සහිතව තම කාර්‍යයන් ඉටුකිරීම සඳහා මෙහි වෙනම කාමරයක් සකසා ඇති බවයි. නමුත් මෙම කොරෝනා වෛරසය සහිත රෝගීන් ඇතුලත් කරන විට එම ප්‍රශ්ණය මතුනොවේ. නමුත් ඔවුන්ට අවශ්‍ය වන්නේ පහසුකම් සහිත කාමරය. නමුත් මෙම වාට්ටුව පොදුවේ එවැනි ආකාරයකින් සකසන බව රෝහල් කාර්‍යමණ්ඩලයේ ඇය අප  සමඟ පැවසුවාය..
මෙම වාට්ටුවට අන්තිමට ඇතුලත් කල චීන ජාතික දරුවාද IDH රෝහලට මාරුකරන ලදී. පසුව මෙම වාට්ටුව පිරිසිදු කිරීමටත් , එය කොරෝනා රෝගීන්ට අදාල පරිදි සැකසීමටත් කාර්‍යමණ්ඩලය මහත් උනන්දුවකින් කටයුතු කරගෙන යමින් සිටී. .