මීගමුව රෝහලේ ගලිවලේ වැසිකිලි අපජලය පානීය ජලය හා මුසුවෙලා?

0
360

මීගමුව රෝහලට ජුලි 16 වනදා ජනපති පැමිණෙන නිසා ඩෙංගු වාට්ටුව ඇරෙන්නට අන් සියළු ප්‍රශ්ණ සහගත තැන් විවිධ පැලැස්තර දමා වසාදමන්නට පාලනාධිකාරිය පියවර ගනිමින් සිටින බැව් සැලය.
එහෙත් මේ ඇතැම් ප්‍රශ්ණ එසේ වසාදමන්නට තරම් බැරි බරපතල ඒවා වෙමින් තිබේ.
රෝහලේ මලඅපවහන පද්ධතිය අක්‍රිව ඇති බව අද කිසිලෙසකින් හෝ වසා දමන්නට බැරි සත්‍යයකි. මේ නිසා ම මුළු රෝහලේ විවිධ ක්ෂේත්‍ර පුරා පැතිරෙමින් ඇති ප්‍රශ්ණ දැන් එකින් එක එළියට එන්නට පටන්ගෙනය.
ඩෙංගු වාට්ටුව ඉදිරිපිට ඇති ගලිවල මින් එකකි.
ඒ වල දැන් වැසිකිලි අපජලයෙන් පිරියමින් පවති. විටින් විට නගර සභාව විසින් මේ වල අස්කලද එය පිළිතුරක් නොවේ.
මේ ප්‍රශ්ණය කොතරම් බරලතලදැයි කියන්නේ නම් මේ ගලිවල මත පිහිටි ජානිය ජල නල හා වැසිකිල අප ජලය මුසුව පානිය ජලය අපවිත්‍රව ඇතැයි යන අදහසක් මේ වන විට රෝහල පුරා පැතිර යමින් ඇති නිසා තතු දන්නා ඇතැම් සේවකයන් මෙහි ජලය පානය කිරිමෙන් වැලකි සිටින තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ ඇත්ත ප්‍රශ්න සදහා රෝහල් බලධාරින් පිළිතුරු සොයන්නේ කෙසේද ??hospital 4 NGB hospital

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here