මීගමුව රෝහලේ ජලයට අසූචී මිශ්‍ර විම ගැන කල්ඇතිව සොයා බැලිමට ආසාධන පාලන ඒකකයට නොහැකිවුයේ ඇයි ?

0
130

running-water-bathroom-taps-103773මීගමුව රෝහල තුල භාවිතයට ගන්නා ජලය තුල අසූචි මිශ්‍රව ඇති බව  පරික්ෂණ වලින් තහවුරු ව තිබුනේ පසුගිය 25 වෙනිදාය.
මේ තත්වය පරික්ෂණ මගින් නිශ්චිත කරගැනිමත් සමගින් සමස්ථ රෝහල් පද්ධතියම දැන් අර්බුදයට ගොසිනි.
රෝහල තුල සිටින කාර්ය මණ්ඩලයට මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ද දැන් මහත්වු අපහසුවකට පත්ව සිටිති.
දැන් මෙහිදි මතුවන ගැටළුව වන්නේ මේ තත්වය කල් ඇතිව දැනගැනිමට මීගමුව රෝහල තුල ස්ථාපිත කර ඇති ආසාධන රෝග පාලන ඒකකය අපොහොසත්වුයේ ඇයිද යනුවෙනි.
එය ආසාධන පාලනය පිළිබදව විශේෂඥ වෛද්‍යවරිකගෙන්ද සමන්විත වු ඉහල සුදුසුකම් සහිත ඒකකයකි.
මේ නිසා මේ ඒකකය වෙත දැන් බරපතල චෝදනාවක් එල්ලවි තිබේ.