අද වන විට මෙම ඒකකයේ තත්වය පිළිබදව සොයා බලන විට දකින්නට ඇති තත්ත්වය නම් එම ඒකකය රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සුදුසු ලෙස සම්පූර්ණ වී නොමැති ආකාරයයි. ගොඩනැගිල්ලක් පමණක් ඇති අතර ඒ සදහා අවශ්‍ය උපකරණ හෝ ඉතිරි සම්පූර්ණ කිරීම් තවමත් සිදුවි නොමැත. මීගමුව නගරයේ හා ඊට ආසන්න ප්‍රදේශ වල ඩෙංගු රෝගයේ තත්ත්වය තවමත් මර්ධනය වී නොමැති අතර එම ඒකකයේ අවශ්‍යතාවය තවමත් පවතියි. මේම ඒකකය ඉතා ඉක්මණින් ගොඩනැගීමට බලධාරීන් කටයුතු නොකරන්නේ මන්ද ? මේ 2013 වසරේදී හෝ මේ ඩෙංගු ඒකකය සැදී අවසන් වෙයි ද?