මීගමුව රෝහලේ ඩෙංගු වසංගත තත්වයක් ආසාධ්‍ය රෝගින්ටත් ඇදන් නෑ.

0
89

P1130104 Copyමීගමුව රෝහලේ වාට්ටු අංක 3 සහ 4 මේ දිනවල පිරි ඉතිරි ගොස් ඇත්තේ ඩෙංගු රෝගින්ගෙනි.ඇදන් 54 කින් සමන්විත 4 වාට්ටුවේ මේ වන විට සිටින රෝගින් ගණන 112 කි. ඉතා ආමාරුවෙන් සිටින රෝගින් 60 කට පමණ ආසන්න ගණනක් මේ අනුව සිටින්නේ බිම වැතිරගෙනය. මෙයින් 40 දෙනෙක් පමණ ඩෙංගු රෝගින්ය.3  වන වාට්ටුවේ තත්වයද මේ අයුරින්මය.මේ රෝගින්ගේ රුධිර සාම්පල  සෑම පැය දෙකකට වරක්ම ගත යුතුව තිබේ. එමෙන්ම මේ අයගේ දියර පානයන් මෙන්ම මුත්‍රා පිටවිමද නිරන්තරයෙන්ම ගණනය කර අධික්ෂණය කළ යුතුව ඇත. මෙවැනි රෝගින් සදහා ඇතැම් විට ලබාදෙන  සේ ලයින් ඉතාමත්ම පරික්ෂාකාරි ලෙසින් ලබාදිය යුතුව ඇතත් එවැන්නක් කිරිමට හැකියාවක් මේ තත්වය යටතේ නොමැත.ඇත්ත වශයෙන්ම ගතහොත් දැන් මීගමුව රෝහල පවත්නින්නේ ඩෙංගු වසංගත තත්වයක් යටතේය.

එහෙත් මේ තත්වය සැලකිල්ලට ගෙන මෙයට මුහුණ දිම සදහා ඇති හදිසි සුදානමක් ගැන අපට නම් නොපෙනේ. නිදසුනක් ලෙස රෝහලේ ඇතැම් වාට්ටු  ලෙඩුන්ගෙන් තොරව පැවතුනද ඒ වාට්ටු තාවකාලිකව හෝ මේ ඩෙංගු රෝගින් ට ලබාද දිම සම්බන්ධයෙන් කිසිදු වැඩ පිළිවෙලක් මෙතෙක්  ගෙන  නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here