මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල මාස 3 න් හදනවා යැයි කි ලොක්කන් දැන් කෝ ??

0
67

මීගමුව රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල එවකට පැවැති කොමිස්කාර දේශපාලනය විසින් වසර 10 ක කාලයක් තුල කඩන් වැටෙන තත්වයක්  නිර්මාණය විමෙන් පසුව මහත් වු අර්බුදයකට ගමන්කර තිබුණි .
මේ විනාශයට ඉතා පැහැදිලිව වගකිව යුතුව ඇත්තේ ජෙයරාජ්ප්‍රනාන්දුපුල්ලේය.
මේ කොන්ත්‍රාත් ගිවිසුම් ගතව තිබුනේ ඔහුගේ අනුදැනුම මත ඒ සමයේදිය.
NGB-hospital-new-buildig-
එහෙත් මේ ගොඩනැගිල්ල වැඩිකල් නොගොස් ගැටළු ගණනාවකට මුහුණ දුන් අතර එය අනාරක්ෂිත තත්වයකට පත්ව තිබුණි.
මෙම ගොඩනැගිල්ලේ ඇති අවධානම ගැන මුලින්ම පොලිසියට පැමිණිලි කර සිටි වෛද්‍ය ඉයන් මහතා ප්‍රමුඛ සිවිල් ක්‍රියාධරයන් පසුව මීගමුව සාසනාරක්ෂක බලමණ්ඩලය හා එක්ව විරෝධතාවක්ද සංවිධානය කර තිබුණි.


වෛද්‍යවරුන් පවා වරක් පාරට බැස මේ සත්මහල් ගොඩනැගිල්ල ගැන රටට කරුණු කියන්නට යෙදුණි.
කෙසේ වෙතත් මේ බලපෑම් හමුවේ රජයේ අවධානය යොමුවු අතර රජය ප්‍රතිචාර දක්වන්නට පටන් ගනිද්දි  එයට ප්‍රතිචාර දක්වමින් පැමිණි ළමා විශේෂඥ වෙද්‍යෙ ලක්කුමාර මහතා ඔහු දන්නවා යැයි කියමින් එකල මිගමුව රොහලේඑ කම ගැලවුම්කාර බදුවු අයෙකු ලෙස මහාචාර්ය ජයසිංහ නැමැත්තෙකු හදුන්වා දුන්නේ මීගමුව රෝහලට අඩුවියදම් තාවකාලික ගොඩනැගිලි මෙන්ම සත්මහල්  ගොඩනැගිල්ලද මාස කිපයකින් දෙනවා යැයි කියමිනි.
එහෙම පිටින්ම වන් මැන් ෂෝ එකක් වු මෙම ව්‍යාපෘතිය විශේෂඥ වෛද්‍ය ලක්කුමාර විසින් පමණක් විසින්ම හසුරුවන්නට විය.
සත්මහල් ගොඩනැලිල්ල එහි ප්‍රතිසංස්කරණ වැඩ නිමවා දිමට පොරොන්දුව සිටියේ 2015 දෙසැම්බර් මස 31 වනදාය.
දැන් 2020 ජුනි මාසයත් අද ඇරඹුණි.
මාස 3 කින් ගොඩනැගිල්ල යථාතත්වයට පත්කරනවා යැයි කියු කව්රුත් දැන් නම් නැත.පමාවට දැන් වසර 5 කි.
ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාරද නිහඩය.
මේ අතර කාලය තුල කුමාර ලිලාවෙන්ම ඇතමුන් දැවැන්ත මාළිගාවල් පවා හදාගන්නට ඇත.
.මහාචාර්ය ජයසිංහට සිදුවුයේ කුමක්දැයි කිසිවෙකුත් නොදනි
එහෙත් එකි මහාචාර්යවරයා සිය උපදේශන ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 300 ක් පමණ රැගෙන ඇති බව නම් දැන් ප්‍රසිද්ධ රහසකි.
පසුගිය දිනක මිගමුවේ නව දැඩිසත්කාර ඒකකය විවෘත කිරිම සදහා මහල් ගොඩනැගිල්ලට යාමට පැමිණ සිටි මැති ඇමැත්තෝ විදුලි සෝපානය තුල සිරවු කථාවක්ද විය.
ඒ එය ක්‍රියාවිරහිතව පැවතිම නිසාවෙනි.
මීගමුව රෝහල තමන්ගේ පුද්ගලික බූදලයක් සේ සිතා කටයුතු කරන ඇතැම් කුමාරයන් නිසා දැන් මීගමුව රෝහල අර්බුදය ගණනාවක් කරා ගමන් කරමින් තිබේ.
වෛද්‍ය ආචාර ධර්ම පවා නොදන්නා මෙවන් කුමාරවරුන් පාලනය කිරිමට රෝහලේ පරිපාලනයට බැරිනම් ඒ වගකිම ඉටු කිරිමට මිගමුවට ආදරය කරන උගත් බුද්ධිමත් ජනයාට දැන් පැවරි ඇත.
රෝහල් කමිටු ඇත්තේ ඒවාටය. ල
මන්ද මේ රෝහල මුලිකව මිගමුවේ ජනයාගේ සෞඛ්‍ය අවැසිතා සදහා ප්‍රමුඛව පවතින බැවිනි.
එබැවින්ම එක එක කුමාරවරුන්ට ඕනැ විදියට දැඩි සත්කාර ඒකක ,අලුතින් එක් කෙරුණ ළමා වාට්ටු පුද්ගලික බුදල සේ සලකා පාලනය කිරිමට ඉඩ දිය නොහැකි බව තේරෙන භාෂාවෙන් මේ හිතුවක්කාර කුමාරවරුන්ට කියා දිය යුතුව තිබේ.