මීගමුව රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අදත් වර්ජනය කරති

0
66

පසුගිය 13 වනදා ආරම්භ කළ රජයේ වෛද්‍ය සේවයේ පරිපූරක වෙද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය පසුගිය  දින කිපයේම පැවතිණි. මොවුන්ගේ ඉල්ලීම් සම්බන්ධව  රජය විසින් තවමත්  කිසිම සහනදායී  පිලිතුරක්  ල බාදී නොමැති අතර එම වෛද්‍ය පරිපූරක වෘත්තිකයන් සේවයේ පිහිටුවීම
සදහා අධිකරණ නියෝගයක් ද ලා ගෙන ඇති බවට ද වාර්තාවේ.  කෙසේ වුවත් අදත් මීගමුව රෝහලේ සේවයේ යෙදෙන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වැඩිදෙනෙක්  සේවයට නොපැමිණ සේවයෙන් ඉවත් වී ඇති බව රෝහල් වාර්තා සදහන් කරයි.