දැනට දින කීපයක සිට මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ලේ සිදුවූ සියලු සේවාවන් රෝහල තුළම වෙනත් ස්ථාන වලට මාරු කළ අතර රෝගීන්ව ද ස්ථාන ගත කරන ලදී. මේ වන විට රෝහලේ වැඩකටයුතු සුපුරුදු ලෙස පවත්වාගෙන යාමට පරිපාලනය විසින් කටයුතු කරමින් සිටින අතර එහි ප්‍රධාන රසායනාගාරයේ වැඩකටයුතු තවමත් නිසි පරිදි ආරම්භ කර නොමැත. රසායනාගාරය තිබූ ස්ථානයෙන් ලිංගාශ්‍රිත ඒකකය ( STD) වෙත ගෙන ගිය අතර දැන් එහි කොටසක රසායනාගාරය ක්‍රියාත්මක වේ. නමුත් රසායනාගාරයේ ඇති මැෂින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලිය හා AC පහසුකම් නොමැතිනිසා තවමත් සමහර මැෂින් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බව වාර්තා වේ.
ඒ අතර රෝහලේ එක්ස්රේ අංශය පවත්වාගෙන යාමට තවමත් ස්ථානයක් නොමැති බවද වාර්තා වන අතර, මේ වන විට එක්ස්රේ ලබාගැනීමට රෝගීන්ට පුද්ගලික රෝහල් වෙත යාමට සිදුව ඇත. අද වනවිටත් මීගමුව රෝහලේ එක්ස්රේ මැෂිම නැවත ස්ථාපිත කර නොමැති බවත් වාර්තා වේ.