මීගමුව රෝහලේ බෙහෙත් නිකුත් කරන කවුළු එකයි ! දහස් ගණනක් අසරණයි !

0
85

NGB hospital(8.55 am ) මීගමුව රෝහලේ දැන් කලක පටන් බෙහෙත් නිකුත් කරන කවුළු ප්‍රමාණය විවෘතව පවතින්නේ එකකි.මේ නිසා රෝහලේ විවිධ සායනවලට පැමිණ  බෙහෙත් ලබාගැනිමට එන රෝගින් මහත් වු අසරණ තත්වයකට පත්ව ඇත.
පසුගිය දිනක මේ ප්‍රශ්ණය වෙනුවෙන් මිගමුවේ එක් රෝගියෙකුට තනි අරගලයක් පවා කරන්නට වුයේ අනිකුත් රෝගින් සියල්ල වෙනුවෙනි.
එදින විවෘතව පැවතියේ එක් කවුලක් පමණි. රෝගින් සියගණන් අසරණය දිගු පෝලිම් වලය. මේගැන කිපුණ එක් රෝගියෙකු කෙලින් ම ගියේ රෝහල් බලධාරින් විසින් කිසියම් උත්සයක් පවත්වමින් සිටින ස්ථානයකටය. තමන්ගේ පැමිණිල්ල ඔහු කෙලින්ම රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.පසුව අධ්‍යක්ෂකවරයා කියා තිබුනේ බෙහෙත් කවුළු භාරව සිටින නිළධාරිණියට කථාකරන ලෙසය..
මේ මැදිහත්විම තුල තවත් කවුළුක් විවෘත කෙරුණද පසුව ඒ කවුළුව රෝහලේ සේවය කරන අයවෙනුවෙන් යැයි පැවසෙන්නට විය.
පෙර රෝගින යළිත් අදාල බළාධාරින් හමුවේ සිය විරෝධය පළකර තිබුණි. මේ අතර රෝහල් සේවකයන්ගේ මුදලට වෙනත් අයට බෙහෙත් අරන් දෙන බවට වු පැමිණිල්ලද ප්‍රසිද්ධියේම සිදුකර තිබුණි.
කෙසේ වෙතත් මේ සටනේ ප්‍රතිඵලයක් ලෙසින් එදින යන්තම් කවුළු 3 ක් විවෘත කරගැනිමට හැකිව තිබුණි.
එහෙත් ඒ එදාට පමණි.