රෝගියෙකු 04 වන මහළෙන් බිමට ?

0
102

ඊයේ (09) වනදා පාන්දර 2-30 ට පමණ මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු හදිසියේම 04 වන මහළෙන් බිමට වැටී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම රෝගීයා පෝලියෝ  රෝගයෙන් පෙළී ඇති අතර  ඔහු සිරිවර්ධන ආදම්ගේ ෂෙල්ටන් ගාමිනී නම් වේ.
ලුණුවිල  ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු වන මොහු ඉතාලියේ රැකියාවේ නියුක්තව සිට පැමිණි පුද්ගලයෙකි. එමෙන්ම මොහුගේ බිරිද හා දරුවන් දෙදෙනාද මේ වනවිට ඉතාලියේ ජීවත්වන අතර මෙම පුද්ගලයා ද ලගදී ඉතාලියේ සිට ලංකාවට පැමිණ මාසයක් පමණ බවද වාර්තා වේ. මොහුට පෝලියෝ රෝගය වැළදීම නිසා දින කීපයකට ප්‍රථම මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.
මෙම මරණය සිය දිවි නසාගැනීමක් ද, හදිිසි අනතුරක්ද යන්න තවමත් පැහැදිලි නැති අතර මීගමුව පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි. මෙම මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂන වාර්තාව ඉදිරිපත් වීමට නියමිතය.

hos