මීගමුව රෝහලේ වැඩ කටයුතු විධිමත් වෙමින් තිබියදි යළිත් කුමන්ත්‍රණයක් ????

0
190

NGB hospitalමීගමුව රෝහල බස්නාහිර පළාතේ කුම්මාගේ සැලකිලි ලබමින් ඇති ප්‍රධාන තැනක් යැයි කියා සිටියහොත් එය නිවරදිය. ඒ මන්දයත් දැනට කාලයක සිට මිගමුව රෝහල තුල සැලැස්මක් සහිතව එක දිගටම ක්‍රියාත්මක වැඩපිළිවෙලක් සදහා ඉඩක් සලසන්නේ නැතිව වරින් වර වැඩබලන අධ්‍යක්ෂකලා පැමිණිම සහ ඉතා ඉක්මනින්ම යෑම නිසාය
විශේෂයෙන්ම පසුගිය කොරෝනා අර්බුදය තුල මිගමුව රෝහල තුල විධිමත් ලෙසින් එයට මුහුණ දිම සදහා විධිමත් වැඩපිළිවෙලවල් නිර්මාණය වු අතර එය හිටපු රෝහල් අධ්‍යක්ෂකවරිය මෙන්ම වත්මන රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කරන වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු මෙන්ම අන් අයගේද සාමුහික කටයුත්තක් ලෙසින් එය නිර්මාණයවි තිබුණි.
මේ පසුබිම යටතේ කොරෝනාදැයි සැක සහිත රෝගින් වෙනුවෙන් නේවාසික වාට්ටු 3 ක් සැකසි තිබුණි.
රෝහලට එන රොගින් වර්ගිකරණය කොට ඒ ඒ තැන්වලට යැවිම සදහා රෝහල් භුමිය තුල කුටි 4 ක් ද එකල ස්ථාපිත කොට තිබුනි.
එහෙත් පසුව මේ වැඩසටහන් කඩාකප්පල් වි තිබුනේ එවකට සිටි අධ්‍යක්ෂකරිය වෙනුවට වෙනත් අධ්‍යක්ෂකවරයෙකු පැරිෂුට් ආකාරයෙන් මිගමුව රෝහලට ගෙන ඒමට කටයුතු කර තිබුන ඇතැමුන් නිසාය.
සිය දේශපාලන බලපුලුවන්කාරකම් මත රඟන මේ ඇතැමුන් නිසා රෝහල එදා සිටිම අඛණ්ඩ අර්බුදයක ගිලි යමින් තිබුණි.
යළිත් වරක් කොරෝනා අර්බුදයක් නිර්මාණය වි ඇති පසුබිමක එ තත්වයට මුහුණ දිමට යලිත් වරක් මිගමුව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු මැදිහත්ව කටයුතු කරමින් තිබෙන බැව් වාර්ථා වේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ රථගාල වෙනුවෙන් ඉඩ ඇවැසි යැයි කඩාදැමුන රෝගින් වෙනුවෙන් එදා ඉදිකර තිබු කුටි යළිත් වරක් දැන් ඉදිවෙමින් තිබේ.
PCR පරික්ෂණ වැඩපිළිවෙලද පුලුල් කරමින් විධිමත් වෙමින් තිබේ.කොරෝනා අසාදිතදැයි සැක සහිත රෝගින්ගේ වාට්ටුව සදහා පහසුකම් වැඩිදියුණු කරගෙන යමින් තිබේ. CCTV පහසුකම් මේ වන විට ස්ථාපිත කර තිබේ. දැන්වත් සිදුවිය යුත්තේ මේ කටයුතු මේ  ආකාරයෙන් සැලසුම්ගතව ඉදිරියට ගෙන යාම සදහා ඉඩකඩ ලබා දිමය.
එහෙත් මෙයට එරෙහිවද කිසියම් කුමන්ත්‍රණයක් යළිත් වරක් දියත් වෙමින් ඇතිදැයි සැකයක් මතුව තිබේ. ඒ කුමන්ත්‍රණ පිටුපස සිටින්නේ මිගමුව රෝහලට ඉදිරියට ගෙනයා හැකි වැඩපිළිවෙලක් නිර්මාණය විම ගැන නොසතුටින් සිටින අතලොස්සක් විසිනි.
එවැනි කුමන්ත්‍රණවලට දේශපාලන බලපුලුවන්කාරකම් මගින් ආවරණ ලබාගැනිමට හැකි කුමන්ත්‍රණ පප්පලාද රෝහල තුල සිටින බව ප්‍රසිද්ධ රහසකි.
මේ පසුබිම යටතේ රෝහල සංවර්ධන පදනම් ,රෝහල් කමිටු තිබිය යුත්තේ එවැනි කුමන්ත්‍රණ පරදා රෝහලට සැබැවින්ම ආදරය කරන පරිපාලන අධිකාරිත්වයක් ස්ථාපිත කිරිමට ශක්තිය ලබාදිමය.
එහෙත් එවැනි මැදිහත්විමක් ඒ කමිටු සහ පදනම් වලින් නම් සිදුවන බවක් නොපෙනේ