මීගමුව රෝහලේ විදුලිය ඇණහිටීම වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදින්ට බාධා

0
125

isඅද පෙරවරුවේ මීගමුව රෝහල් පද්ධතියට අයත් පැරණි ගොඩනැගිල්ලේ ඇති  විදුලි පද්ධතියේ සිදුවූ ගිණිගැනීම හේතුවෙන් රාත්‍රී 7 ට පමණ  වනවිටත්   රෝහලේ   විදුලිය විසන්ධි වී  තිබී ඇත.
එම අවස්ථාවේදී  රෝගීන් වාට්ටු වල ඉටිපන්දම් දල්වාගෙන සිටින බව වාර්තා වූ අතර මෙම තත්ත්වය වාර්තා කිරීම සඳහා එම ස්ථානයට රාත්‍රී 7ට පමණ  මිගමුව වාර්තාකරුවන් කීපදෙනෙකු රෝහලට ගොස් තිබුණි. නමුත් ඔවුන්ට රෝහල ඇතුළට යාම සඳහා බලධාරීන් අවසර ලබාදී නොමැත.
මේ අතර  නිලධාරීන්ගෙන් අවසර නොලැබුණ හේතුවෙන් එක් මාධ්‍යෙව්දියෙකු විසින් අපට රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට කතාකිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අවස්තාවේදී ලැබී ඇති පිළිතුර වී ඇත්තේ වෛද්‍ය අධිකාරීවරයා ද රෝහලේ නොමැති බවයි.
මේ ආකාරයට පිවිසුම් දොරටුව අසල මාධ්‍යෙව්දීන් අපහසුතාවයට පත්වී සිටි අවස්ථාවේදී මීගමුව රෝහල් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහු විසින් මාධ්‍යෙව්දියෙකුට දී ඇති පිළිතුර වී ඇත්තේ ‘‘ ලයිට් නෑ තමයි එහෙනම් ඔයා ඉස්පිරිතාලෙට ලයිට් අරන් දෙන්ඩකෝ” යනුවෙනි. මේ පිළිතුරේ ද තිබී ඇත්තේ මාධ්‍යෙව්දියාට දිය යුතු සහයෝගයකට වඩා අපහාසයකි.
මිගමුව රෝහල සංවර්ධනය කිරීම හුදෙක් සංවර්ධන කමිටුවේ වගකිමක් පමණක්  යැයි සිතා සිටින මෙම  නිලධාරියාගේ පටු  ආකල්පය ගැන අප කණගාටු වන අතර මිගමු රෝහල සංවර්ධනය කිරීමේ අයිතිය මාධ්‍යෙව්දීන්ට ද ඇත. මෙම රෝහල ගොඩනගන්නට  මීගමුවේ මාධ්‍යෙව්දීන්ද නොඅඩුව ඔවුන්ගේ සහයෝගය,කාලය,ශ්‍රමය දැනට වසර ගණනක සිට දෙමින් සිටිති.
විශේෂ අවස්ථාවන් වලදී ප්‍රවෘත්ති වාර්තා කරන්නට යාමේදී   මීගමුවේ රෝහලේ  මාධ්‍ය විරෝධී නිලධාරීන් පිරිසක් ද සිටිති.  ඔවුන්ට අපට  පැවසිමට ඇත්තේ පැස්බරාගේ උදාහරණයයි.
පැස්බරා වැල්ලේ ඔලුවේ  හැංගුනාට පස්ස පැත්ත එළියේ බව කවුරුත් දනිති. ඒ වාගේම මීගමුව රෝහලේ දුෂණ, වංචා, අඩුපාඩු, සගවන්නට උත්සාහා කරන්නට හැදුවත්ට ඒවා දහස් ගුණයකින්  වැඩිවී එළියට පනියි.
අද උදාවි ඇත්තේද එවැනි අවස්ථාවකි.
රෝහලේ අඩුපාඩු පෙන්වා දීම මෙන්ම රෝගීන්ගේ අයිතිය වෙනුවෙන් පවතින තත්ත්වය වාර්තා කිරීමත්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය හා බැදී පවතින කාරණයකි.  මාධ්‍යෙව්දියා රෝහලට පැමිණෙන්නේ ඒ වගකීම වෙනුවෙනි. වාර්තා කිරිම අපරාධයක් නොවේ. අපරාධය වන්නේ සිදුවන දේ ලෝකයෙන් සැගවීමයි.

Save

Save

Save

Save