මීගමුව රෝහලේ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය සඳහා මේ දොර කවදා ඇරෙයිද?

0
201

IMG-20190730-WA0005මීගමු  රෝහලේ  C T  (Computer   Tomograpy) ස්කෑන්  යන්ත්‍රයක්  නොමැති කම  නිසා  මසකට  250ක්  300ක්  වැනි  රෝගීන්  සංඛ්‍යාවක්  මෙම  පරීක්ෂණ  කටයුතු  සඳහා  කොළඹට  යැවීමට  සිදුව  ඇත.  අංශබාග  රෝගීන්  සහ  මොලේ  ක්‍රියාකාරීත්වය  අඩපනවූ  රෝගී  සම්බන්ධයෙන්    සහ  මොලේට  අනතුරක්  සිදුවී  ඇත්දුයි  පරීක්ෂණය කිරීමටත්  මෙම  යන්ත්‍රය  අත්‍යාවශ්‍යවේ.    මෙවැනි  යන්ත්‍ර  දෙකක්  ලබාගැනීමේ  හැකියාවක්  තිබුනු  නමුත්  ‍එම  යන්ත්‍ර  වතුපිටිවලට  සහ  ගම්පහට  ලබාදීමට රජය  විසින්     තීරණය  කර  ඇති  බවට  ආරංචිවේ

.මෙය    කොතරම්  සාධාරණදැයි  වගකිවයුතු  අය  සිතාබැලිය  යුතුව  ඇත.  මීගමුව  නගරයේ  පවතින  තත්වය  ගැන  විමසා  බැලූවිට  එක පැත්තකින්  සංචාරක  පුරවරයක් ලෙසත්,  ගුවන්තොටුපල,    සිවිල්  ආරක්ෂක  බලකා  මූලස්ථානය,  පොලිස්  අභ්‍යාස  විද්‍යාලය,  ප්‍රධාන  පාසැල්,  මෙන්ම  කොළඹ  – හලාවත  මාර්ගය  ආදී  වශයෙන්  මේ  සියළු  සාධක  සළකා  බලනවිට    රෝහලක්  ලෙස  අවශ්‍යතා  සපුරා  ගනිමින්  දියුණුවට  පත්කරගතයුතු  රෝහලකට  මෙසේ  කුඩම්මාගේ  සැළකිලි  දක්වන්නේ  ඇයි? එසේම  දේපාලකයින්ගේ  අවශ්‍යතාව  මත  තීරණ  ගන්නේ  නම්  එය  කෙසේවත්  අනුමත  කළ  නොහැක

.රෝගීන්ගේ   අවශ්‍යතාව  පැත්තෙන්  සළකා  බලනකල  නවලෝක  රෝහල  වැනි පුද්ගලික   ස්ථාන වලට  ගොස්  ප්‍රතිකාර  ගැනීමට  නම්  යහමින්  මුදල්  තිබිය යුතුය.  නමුත්  දුප්පත්  රෝගීන්  විශාල  සංඛ්‍යාවක්  සිටින්නේ  එවැනි  තත්වයක  නොවන  බව  අපි  දනිමු.  ඒ නිසා  දැනටමත්  එම  යන්ත්‍රය    සඳහා  ස්ථානයක්ද  සූදානම්කරගෙන  සිටින    රෝහල්  බලධාරීන්  මග බලාසිටින්නේ  මෙකී  යන්ත්‍රය  මීගමුව  රෝහලට  ලබාගැනීමේ  දැඩි  බලාපොරොත්තුවකිනි.  ඒ නිසා   ප්‍රධාන   නගරයක්  වශයෙන්  වැඩි  සුදුසුකමක්  සහිත  මීගමුව  රෝහලට   මෙම  යන්ත්‍රය  ලබාදෙනමෙන්  අපි  අවධාරණය  කර   කියා  සිටිමු.