මීගමුව රෝහලේ සුළු සේවකයෝ අයාලේ ? පරිපාලන නිළධාරිණිය නිදිද ?

0
42

rapeමීගමුව රෝහලේ සේවය කරනු ලබන සුළු සේවකයන් පිලිබදව පැමිණිලි ගණනාවක්ම අවස්ථාව කිපයදි අප වෙතට ඉදිරිපත්ව තිබුණි.ඒ සියල්ල හා බැදුුන එක් ප්‍රධාන හේතුවක්ව තිබුනේ ඒ බහුතරයක් දෙනා බස්නාහිර පළාත් සභා ඇමති ප්‍රසන්න රණතුංගේ ආධාරකරුවන් විමය.
ඒ දේශපාලන හයියද භාවිතා කරමින් මේ බහුතරයක් සේවකයෝ සිය රාජකාරිය කිසිදා නිසි ලෙස ඉටුනොකරති.
පොත් අත්සන් කොට අයාලේ යන මේ සේවකයන් ගැන විමසා ඔවුන් යළිත් විනය පද්ධතියක පිහිටුවාලිම සදහා රෝහල් පරිපාලනය අපොහොසත්ය.
විනයක් නැති මේ තත්වය විසින් එහි බරපතල සිදුවිමක් හරහා දැන් රටටම හෙළිදරව් කර හමාරය.
බාලවස්කාර දැරියකටවත් රෝහලක ආරක්ෂිතව සිටින්නට නොහැකි යැයි දැන් ප්‍රසිද්ධියට පත්ව තිබේ.
මෙසේ අයාලේ යන සුළු සේවකයන් නැවත් විනයේ පිහිටුවාලිමට රෝහලේ පරිපාලන නිළධාරිණියට හැකි වෙයිද ????