මීගමුව රෝහලේ හදිසි තත්වයකට මුහුණ දෙයි? වාහන පාලනයට මහපාරත් වසා දැමේ ?

0
54

මීගමුව රෝහල සහ අවට අද පැවැතියේ කලබලකාරි තත්වයකි. ඒ එකවිට විශාල රෝගින් සංඛ්‍යාවක් රෝහල වෙත වරන් වර රැගෙන ඒම හේතුකොටය.
රෝහල කරා තුවාලකරුවන් රැගත් වාහන වේගයෙන් පැමිණෙන හෙයින් රෝහල ඉදිරිපිට මංතිරුව පොදු වාහන සදහා වසා දමන්නටද මීගමුව පොලිසිය පියවර ගෙන තිබුණි.
සයිරන් හඩින් අවට ඇති කලබලකාරි තත්වය වැඩිකරමින් බියජනක ස්වභාවයක් ඇති කර තිබුණි.
රෝහලට පැමිණ සිටි සාමාන්‍ය ජනයා මෙන්ම අවට ජනයාද තුෂ්ණිම්භුතවබලා සිටියේ සිදුවන්නේ කුමක්ද කියාය.
රැගෙන ආ සියළු රෝගින් හමුදාවට සම්බන්ධ අයවළුන්ය.
කිසියම් පිිපිරිම්ද නැතිනම් ප්‍රහාරයක්දැයි තැන තැන රැස්වු ජනයා කසුකුසු ගාමින් සිටිති.
කැමරා ඇතැතිව කලබලයෙන් මේ තත්වය වාර්ථා කරන මාධ්‍යවේදින්ට කිට්ටු වු රෝහලට පැමිණ සිටි ඇතැමෙක් විමසා සිටියේ මහත්තයා මොකද වෙලා තියෙන්නේ යනුවෙනි.
ගුවන්තොටුපලත් සංචාරක කලාපයත් ගුවන් හමුදා කදවුර මෙන්ම නිදහස් වෙළද කලාපයද පිහිටි මේ කලාපයේ ඇති එකම රෝහල ලෙසින් ඇතිවිය හැකි ඕනෑම ව්‍යසනකාරි තත්වයකට මුහුණ දිමට සුදානමින් සිටිය යුතු නිසා එවන් තත්වයක ඇතිවුවහොත් එයට සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලය ලෙසින් මුහුණ දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වු විශේෂ පෙරහුරුවක්  රෝහල තුල මේ හදිස්සි තත්වයට හේතුවි  තිබුණි.
මේ පිළිබදව කරුණු විමසා බැලිමේදි දැනගන්නට ලැබුනේ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිය පශ්චාත් උපාධි නිබන්ධනය  තේමාකරගෙන ඇති හදිසි ව්‍යසනකාරි තත්වයකදි රෝහල මුහණ දිය යුතු අන්දම ගැන වඩාත් ප්‍රයෝගික අත්දැකිමක් සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලබාදිම වෙනුවෙන් පොලිසියේ සහ ගුවන් හමුදවේද සහය ඇතිව මේ මෙහෙයුම සංවිධානය කර තිබුණ බවය.123456

ඡායා – ප්‍රෙඩී ගමගේ