මීගමුව රෝහලේ වාට්ටු අංක 3- ඇදන් තියෙන්නේ 46 යි , 2017 ජුනි මාසෙ 14 වෙනිදා මම එම වාට්ටුවට යනකොට ලෙඩ්ඩු 152 දෙදෙනකු හිටියා. ලෙඩ්ඩු 146 දෙනෙක් තැත් තැන්වල වැට්ල නිදාගෙන ඉන්නවා. නින්ද යන්න බෙහෙත් බීලා සේලයින් බෝතලය අතේ තියාගෙන අනුන්ගෙ ඇඳක් උඩ වාඩිවේලා, නිදි කිරමින් ඉන්නවා. කොයි මොහොතේ හරි සේලයින් බෝතලයත් එක්ක බිම වැටෙනවා. දොස්තර නෝන මහත්වරු, මිසීලා ලෙඩ්ඩුන්ව හොයා ගන්න බැරිව නම් කිය කියා හතර වටේ යනවා. හැම පැත්තෙම ඉන්න ඩෙන්ගු රෝගීන් මීගමුව ඉස්පිරිතාලෙට එනවා ඩෙන්ගු විශේෂ අංශයක් තියෙනවා කියලා. බලධාරීන් මේ ගැන මීට වඩා අවධානය යොමු කරලා මේ අහිංසක ලෙඩ්ඩුන්ට සාධරණයක් කරන්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා.
ගේබ්‍රියෙල් නිරෝෂන් / ජයන්ත වික්‍රමසිංහ පියතුමා