මීගමුව රෝහල අසල මෙන්ඩිස් මාවත යතුරුපැදි ගාලක්ද ???

0
193
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

( 4.30  pm ) මීගමුව රෝහල සහ මාරිස්ටෙලා විද්‍යාලය අතර මැද පිහිටි “”මෙන්ඩිස් මාවත”” නැමැති කුඩා අතුරු පාර යතුරු පැදි නවතා තැබීම සඳහා මීගමුව මහා නගර සභාව විසින් පුද්ගලික ටෙන්ඩර්කරුවෙකුට බදු දීමට ඇති සුදානමක් ගැන යම් කසුකුසුවක් මේ දිනවල පවතති

මේ සදහා කැස කවන කිප දෙනෙකු ගැන කියැවේ .

කෙසේ වෙතත්  මීගමුවේ බොහෝ දෙනෙකු ගෙන් ඒ සදහා දැඩි විරෝධතාවයක් මේ වන වට  එල්ල වන්නට පටන් ගෙනය 
           මෙම අතුරු පාර යතුරු පැදි හෝ වෙනත් කිසිදු රථවාහනයක් ගාල් කර තැබීමට ලබා නොදිය යුතු බවත් එම අතුරු පාර නිදහසේ තිබිය යුතු බව මේ ගැන විරෝධය පළකර න අයගේ මුලිකතම අදහයි .

. එලෙස සඳහන් කරන බොහෝ දෙනකු පවසන්නේ රෝහල ආසන්නයේම පෞද්ගලික රථ ගාල් කිහිපයක්ම පවත්වාගෙන යන බැවින් රෝහලට පැමිණෙන අයගේ සහ වෙනත් අරමුණු වෙනුවෙන් ඒ ප්‍රදේශයට පැමිණෙන අයගේත් යතුරු පැදි ඇතුළු සියලු රථවාහන සුළු මුදලක් ගෙවා ආරක්ෂාකාරීව එම පෞද්ගලික රථ ගාලවල්වල නවතා තැබිය හැකි බවයි.

එය මීගමුව රෝහලේ මෙන්ම මාරිස්ටෙලා විද්‍යාලයේත් ආරක්ෂාව  වෙනුවෙන් ගත හැකි  හොඳම පියවර එය පමණකැයි මේ අය අවධාරණය කර සිටිති.

                   මේ පිළිබඳව අදහස් දැක්වූ මීගමුව රෝහල් සංවර්ධන කමිටුවේ සභාපති ක්‍රිශාන්ත දල්පදාදු  ප්‍රකාශ කළේ මෙම අතුරු පාරේ බොහෝවිට නවතා තබන්නේ රෝහලේ නේවාසික රෝගීන් බැලීම සඳහා පැමිණෙන පිරිසගේ යතුරුපැදි බවය

මේ අය ඉතා හදිසියෙන් පැමිණ තම ඥාති හිත මිත්‍රාදීන් රෝහලේ සිටින නිසා ඔවුන් හමුවී ඉක්මනින් ආපසු යාමට මේ අතුරු පාරේ තම යතුරු පැදි නවතා තබන්නට පෙළඹෙනුද .  ඔහු පවසන්නේ මෙම අතුරු පාරට මායිම්ව නගරයේ මාරිස්ටෙලා පාසලද පිහිටා තිබෙන නිසාත්, පාසල පටන් ගන්නා සහ නිමාවෙන වේලාවන් වල අධික වාහන තදබදයක් මෙම ස්ථානය ආශ්‍රිතව දැනමටත් ඇතිව තිබෙන බවය

. එවැනි තත්ත්වයක් තුළ මෙම අතුරු පාරේ ද  යතුරුපැදි ගාල්කිරීම සඳහා ස්ථිර තැනක් බවට පත් වුවහොත් එම වාහන තදබදය දෙගුණ තෙගුණ වීමට හැකි බවයි ඔහු පවසන්නේ. මීගමුව  රෝහල හා සම්බන්ධ ආපදා සහ ආරක්ෂාව පිළිබඳව පැවැති එක් රැස්වීමකදී සාකච්ඡාවට බඳුන් වී ඇති මෙම අතුරු පාර, යම් ආපදා තත්ත්වයකදී මීගමුව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු හෙදහෙදි කාර්ය මණ්ඩලය මෙන්ම රෝහලේ වෙනත් කාර්ය මණ්ඩල සඳහා රෝහලට  ඉක්මනින් ඇතුළු විය හැකි හා රෝහලෙන් ඉක්මනින් පිටවිය හැකි විකල්ප මාර්ගයක් ලෙසද භාවිතා කිරීමට තීරණය වූ බව ඔහු ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි එම අවශ්‍යතාවයත් රෝහලේ සහ මාරිස්ටෙලා පාසලේ ආරක්ෂා වෙනුවෙනුත්, එලෙසම රෝහලට යනෙන    යතුරු පැදි නවතා තැබීමටත් හැකි වනසේ කාටත් සාධාරණයක් වන ක්‍රියාමාර්ගයක් ගැනීමට  මේ සඳහා වගකිව යුතු පාර්ශවයන් කටයුතු කළ යුතු බව ඔහුගේ අදහසයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ මීගමුව තුළ ක්‍රියාත්මක වන රථවාහන කොමිටිය විසින් වරෙක පැවති රැස්වීමකදී සඳහන් කර ඇත්තේ මේ මාර්ගය නිදහස්ව තබා රෝහල ඉදිරිපිට ඇති විජයපාල මෙන්ඩිස් මාවතේ නිවැසියන්ගේ ගේට්ටු වලට බාධා නොවන ලෙස රෝහලට පැමිණෙන අයගේ යතුරුපැදි නවතා තැබීමට ඉඩකඩ පවතින බවය

                  මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මීගමුවේ රථවාන පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ දැනට කාලයකට පෙර මීගමුව මහා නගර සභාව විසින් මෙම අතුරු පාරේ යතුරුපැදි නවතා තැබීම සඳහා රථ ගාලක් ලෙස පවත්වාගෙන ගිය බවය  එහෙත් පසුව මේ අතුරු පාරේ පදිංචි නිවැසියන් සහ මෙම අතරු පාරෙන් පන්සල පාරට යනෙන වැඩි දෙනෙකුගේ ඉල්ලීම පරිදි ද මෙම අතුරු පාරේ යතුරුපැදි ඇතුළු වෙනත් රථ වාහන ගාල්කර තැබීම මීගමුව රථවාහන පොලිසිය මගින් තහනම් කළ බවත් ඔහු පැවසීය.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ මාරිස්ටෙලා පාසල පටන් ගන්නා වේලාවට සහ අවසන් වන වේලාවෙන් වලට මේ ස්ථානයේ දැඩි වාහන තදබදයක් පවතින බවය එමෙන්ම සෑම දහවලකදීම මීගමුව රෝහලට ලෙඩුන් බලන වේලාවට සෑහෙන පිරිසක් යතුරුපැදි වලින් සහ වෙනත් රථ වාහන වලින් පැමිණෙන නිසාත් විශේෂයෙන්ම දහවල් කාලයේදී මෙම ස්ථානයේ ඉතා දැඩි රථවාහන තදබදයක් ඇතිවීම වැළැක්විය නොහැකි තත්වයක් බවට පත්ව තිබේ

            පසුව අප මේ පිළිබඳව මීගමුව නාගරික කොමසාරිස් වරියගෙන් විමසූ අවස්ථාවේ ඇය ප්‍රකාශ කළේ “මෙන්ඩිස් මාවත”  නැමති මෙම අතුරුපාර යතුරුපැදි ගාල් කිරීම සඳහා පෞද්ගලික ටෙන්ඩර් කරුවෙකුට බදු දීමට එතරම්ම තදබල උවමනාවක් හෝ අවශ්‍යතාවයක් මීගමුව මහා නගර සභාවට නොමැති බවය

එහෙත් ඇය පවසන්නේ එම අතුරු පාරේ යතුරුපැදි නවතා තැබීම මීගමුව රථවාහන පොලිසිය මගින් තහනම් කර තිබුණත් මේ වන විටත් එම අතුරු පාරේ විශේෂයෙන්ම යතුරුපැදි නවතා තබා යන බවය

එමෙන්ම නාගරික කොමසාරිස්වරිය වැඩිදුරටත් පවසන්නේ එහිදී එම යතුරු පැදි නැති වූ බවට සහ යතුරු පැදිවල අමතර කොටස් ගලවා ඇති බවට පැමිණිලි බොහෝමයක් ලැබෙන නිසාත්,  එමෙන්ම තවත් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසාත් එම ක්‍රියාවලිය විධිමත් ආකාරයකට සැකසිය යුතු නිසාත් මෙම අතුරු පාර ටෙන්ඩර්කරුවෙකුට ලබාදී යතුරුපැදි නවතා තබන්නට පහසුකම් සැලසීම සඳහා යම් අදහසක්   නගර සභාව තුල මතුව ඇතැයි කියාය

කෙසේ වෙතත් නාගරික කොමසාරිස්වරිය අවධාරණය කරන්නේ මේ සඳහා නගරයේ ජනතාවගේ ඉල්ලීම් ද සලකා බලමින් කාටත් සාධාරණයක් ඉටුවන වැඩපිළිවෙළක් සකස් කිරීම, තමන් ඇතුළු නගර සභාවේ අදහස බවය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here